පෞද්ගලික බස් හිමියන්ගෙන් අනතුරු ඇගවීමක් !

Published in පුවත්
Monday, 09 October 2023 10:50

ලබන වසරේ ජනවාරි මාසයේ සිට සියලු පෞද්ගලික බස් රථ දුම් පරීක්ෂාව සිදුකිරීමෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ පවසයි.

දුම් පරීක්ෂාව සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් නොමැති පසුබිමක මෙම තීරණය ගත් අතර ඒ සම්බන්ධයෙන් මෙම සතියේ දී ප්‍රවාහන බලධාරීන් ලිඛිතව දැනුවත් කිරිමට පියවර ගන්නා බව එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කර තිබේ.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමිනි. එහිදී මේ පිළිබදව ඔහු දැක්වූ අදහස් ,

"බරපතළ අර්බුදයක් තියෙනවා, මේ දුම් පරීක්ෂාව පිළිබඳව විශේෂයෙන්ම දැන් ඒ් නිසා අපි සංගමයක් විදිය‌ට තීරණයක් අරන් තියෙනවා. මේ දුම් පරීක්ෂාව ජනවාරී මාසයේ සිට අපි අත්අරින්න කටයුතු කරනවා. මොකද දුම් පරීක්ෂාව කියන එක ප්‍රායෝගික නෑ. විශේෂයෙන් අපි දිගින් දිගටම කිව්වා, එකක් තියෙනවා ඉන්ධනවල ප්‍රමිතිය, ඩීසල්වල ප්‍රමිතිය බරපතළ අර්බුදයක තියෙන්නේ. ලොකුවට කතාබහ කරනවා මේ පරිසරය ආරක්ෂා කරන්න ඕනේ, පරිසරය සුරක්ෂිත කරන්න ඕනේ කියලා. මේ ලබාදෙන ඩීසල්වල ප්‍රමිතිය පිළිබඳවත් බරපතළ ගැටලුවක් තියෙනවා. අනිත් කාරණාව තමයි මේ ලංගමට දුම් පරීක්සාවක් නෑ. රජයේ වාහනවලට දුම් පරීක්ෂාව නෑ. එතකොට පෞද්ගලික බස් රථත් එකම ගාස්තුවට ධාවනය කරන්නේ, එකම සේවය කරන්නේ. නීතිය දෙයාකාරයකින් සලකන්න කාටවත් හැකියාවක් නෑ. ඒ් නිසා අපි එළැඹෙන සතියේ ලිඛිත දැනුම්දීමක් කරනවා ප්‍රවාහන අමාත්‍යාංශයට අපි ජනවාරි මාසයේ සිට දුම් පරීක්ෂාවෙන් අපේ බස් රථ ඉවත් කරන්න කටයුතු කරන්න." යනුවෙනි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us