එජාපය ප්‍රබල වෙනසකට සැරසේ !

Published in පුවත්
Monday, 09 October 2023 11:47

එක්සත් ජාතික පක්ෂයේ එළඹෙන සංවත්සරයේ දී පක්ෂ මහ ලේකම් ධුරයේ වෙනසක් සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රවී කරුණානායක එම ධුරයට පත් කර ගැනීම සඳහා මේ වන විට පක්ෂයේ ප්‍රබලයින් අතර එකඟතාවක් පළ වී ඇති බවද සඳහන්ය.

පක්ෂය පෙර පැවැති ශක්තිමත් තත්ත්වයට පත් කර ගැනීමට හැකියාව පවතින එකම පුද්ගලයා රවී කරුණානායක බවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අතර මතයක් පැවතීම ඊට හේතුව වී තිබේ.

කෙසේවෙතත් පක්ෂයේ සුළු පිරිසක් පමණක් මොහු පක්ෂ මහ ලේකම් ධුරයට පත්කර ගැනීමට පවතින සුදානම සම්බන්ධයෙන් සිය අකැමැත්ත පළ කර ඇති බවද සඳහන්ය.

ඊට හේතුව වී ඇත්තේ යම් හෙයකින් රවී කරුණානායක එම ධුරයට පත් වුවහොත් ඔහු පක්ෂ නායකත්වය සමඟ සමීපව කටයුතු කරනු ඇති බවට ඔවුන් තුළ මතයක් පැවතීම බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ‍ය.

එක්සත් ජාතික පක්ෂයේ සංවත්සරයේ දී තවත් වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇති බවද පක්ෂ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

Last modified on Monday, 09 October 2023 12:11

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us