ලොව දැරිය හැකි මිලක් සහිත සංචාරක ගමනාන්ත අතර ලැයිස්තුවේ පළමු තැනට ශ්‍රී ලංකාව !

Published in පුවත්
Monday, 09 October 2023 12:01

ලොව සංචාරක ගමනාන්ත අතුරින් දැරිය හැකි මිලක් සහිත සංචාරක ගමනාන්ත අතර ලැයිස්තුවේ පළමු තැනට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.

ඩිජිටල් නොමැඩ්ස් සදහා දැරිය හැකි ගමනාන්ත අතර පළමු තැනට ශ්‍රී ලංකාව පත්ව ඇත්තේ රටවල් 50ක් අභිබවමින්.

ඩිජිටල් නොමැඩ්ස් යනු දුරස්ථ හා නිදහස් සේවකයින්ට අන්තර් ජාලය හරහා තම වැඩ කරගෙන යන අතරතුර දීර්ඝ කාලයක් විදේශ රටක ජීවත්වීමට ඉඩ සලසන බලපත්‍ර ක්‍රමයක්.

මෙම වීසා බලපත්‍ර සපයන රටවල් අතර වැඩිම ජීවන වියදමක් ඇත්තේ ඇමෙරිකාවේයි. ඒ ඩොලර් 2,000ක් ලෙසයි.

බ්‍රිතාන්‍යයට මෙම ලැයිස්තුවේ 16 වන තැන හිමිව ඇත්තේ එහි ජීවන වියදම ඩොලර් 1,800ක පැවතීම නිසායි.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ පිබිදීම මෙන්ම ව්‍යාපෘති 95ක් හරහා ඉදිකෙරෙන හෝටල් කාමර 5,424කින් යුතුවීම ආදී කරුණු මෙම ලැයිස්තුවේ අංක එක බවට පත්වීමට හේතුවී තිබෙනවා.

මේ වසරේ මේ දක්වා මෙරට සංචාරක ඉපැයීම් ඩොලර් බිලියනයකට ආසන්නවී තිබෙන බවත් වාර්තා වෙනවා.

එමෙන්ම සංචාරක පැමිණීම මිලියන 1.3කට ආසන්නයි.

අන්තර්ජාලය භාවිත කරමින් සිදුකරන නිදහස් සංචාරක සංස්කෘතිය අගය කරන බොහෝ දෙනෙක්ට ශ්‍රී ලංකාව සුවිශේෂී නැවතුමක් බවයි මෙම ශ්‍රේණිගත කිරීම් අනුව පැහැදිලි වන්නේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us