ඉදිරියේ දී පාසල් පන්ති කාමරය තුළ රැඳී සිටීම අනිවාර්යයි - අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක් !

Published in පුවත්
Monday, 09 October 2023 14:13

නව අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාදාමය තුළ පන්ති කාමරයේ රැඳී සිට උපයාගත යුතු නිශ්චිත ලකුණු ප්‍රමාණයක් පවතින බැවින් ඉදිරියේ දී පාසල් පන්ති කාමරය තුළ රැඳී සිටීම අනිවාර්ය වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

සියලු‍ම ශ්‍රේණිවලට එය අදාළ වන බවත් සිසුන්ට විභාග සමත් වීමට එසේ දෛනික පාසල් පැමිණීම අත්‍යවශ්‍ය කාරණයක් වන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

එමෙන් ම ඉදිරියේ දී උසස් පෙළ විභාගය පැවැත්වුණ ද 2024 ජනවාරිවල පාසල්වල ප්‍රාථමික පන්ති පවත්වාගෙන යාමට අපේක්ෂා කරන අතර ලබන වසර තුළ අතපසු වූ සියලු‍ විෂය ආවරණ කටයුතු සම්පූර්ණ කර නිමා කරන බව ද ඊට අදාළ ව නිවාඩු කාලය අඩු වන බව ද කී අමාත්‍යවරයා තරුණ ජනගහනයට සාපේක්ෂ ව රටේ වැඩිහිටි ජනගහනය වැඩි වීමෙන් ඉදිරියට රටට තවත් බරක් එකතු වන බවත් මේ සියලු‍ ගැටලු‍ ජයගැනීම සඳහා නිසි ආර්ථික හා ප්‍රතිපත්ති ඇතුළත් මනා පරිපාලන කළමනාකාරීත්වයක් තිබිය යුතු බවත් එහි දී සැම විට මුදල් ම අවශ්‍ය නොවන අතර ආකල්පමය වෙනස්කම් ප්‍රමාණවත් වන බවත් සඳහන් කළේ ය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අතිපූජ්‍ය නිවිතිගල ධම්මානන්ද නාහිමි අනුස්මරණ ශිෂ්‍යත්ව පදනමේ අයගම කොට්ඨාසයේ 2022 ශිෂ්‍යත්ව සමතුන් ඇගයීමේ උත්සවයට එක් වෙමිනි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us