අල්ලස් කොමිසමට එරෙහිව කුමන්ත්‍රණයක්ද?

Published in පුවත්
Monday, 09 October 2023 14:33

පාර්ලිමේන්තුව මගින් ස්වාධීන ප්‍රසම්පාදන කොමිසම බලාත්මක කිරීමට කටයුතු සලසමින් සිටියදී මේ රටේ ඇතැම් බලවේග ඉතාමත් සාහසික හා කූට අන්දමින් ක්‍රියා කළ ආකාරය සැලකීමේ දී අල්ලස් කොමිසමේ කටයුතු මේ ආකාරයට දුර්මුඛ හා මන්දගාමී වීමට හේතු වූ කිසියම් සැලසුම්සහගත වෑයමක් තිබෙන්නේ ද යන සැකය කිසිසේත් ම බැහැර කළ නොහැකි බවත් එම කුමන්ත්‍රණ පරාජය කර වහාම මෙම කොමිසම සඳහා සාමාජිකයන් පත් කිරීම විය යුතු බවටත් සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය රජයට බලකර සිටී.

එම මාධ්‍ය නිවේදනය මෙසේය.

අල්ලස් හෝ දූෂණ විරෝධී කොමිෂන් සභාවට සාමාජිකයන් පත් කිරීම වහාම සිදු කළ යුතුය.

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයෙන් නිදහස ලබාගැනීමෙන් අනතුරුව විවිධ පාලන සමයන් තුළදී අල්ලස හා දූෂණය වර්ධනය වූ ආකාරය හා රාජ්‍ය පාලනය පටු ආකාරයෙන් දේශපාලනීකරණයට ලක් වූ ආකාරය සාධරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් විවිධ අවස්ථාවලදී පෙන්වා දී ඇතත් එම තත්ත්වය අදට ද නොවෙනස් ව දක්නට ලැබීම ජාතියේ අවාසනාවකි. එහි මෑත කාලීනම උදාහරණය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලබා දීමට නියමිතව තිබූ දෙවැනි වාරිකය මේ දක්වා ම නොලැබිමට එවැනි තත්ත්වයන් හේතු වී ඇති ආකාරයයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇති ආකාරයට මේ වන විට රටට ලබා දිය යුතු දෙවැනි වාරිකය කල් පසුවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ අල්ලස හා දූෂණය මර්දනය කිරීම සඳහා යෝජනා වී තිබුණ යාන්ත්‍රණය ඒ ආකාරයට ක්‍රියාවට නංවා නැති බවට ඔවුන් නිගමනය කිරීමයි. එය කනගාටුදායක තත්ත්වයකි.

 

 

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us