අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙනවා - දිලිත්

Published in පුවත්
Tuesday, 10 October 2023 12:26

ඉදිරි ජනාධිපතිවරණයට තාම ද අපේක්ෂකයකු ලෙස අනිවාර්යයෙන්ම ඉදිරිපත්වන බව දිලිත් ජයවීර 'ද ලීඩර්' වෙබ් අඩවිය වෙත පවසා ඇත.

'දෙරණ' මාධ්‍ය ජාලය ඇතුළු මෙරට ප්‍රකට සමාගම් කිහිපයකම සභාපතිවරයකු වන දිලිත් ජයවීර නායකත්වය දරන 'මව්බිම ජනතා පක්ෂයේ' (MJP) මුලස්ථාන කාර්යාලය හෙට (ඔක්තෝම්බර් 11) දින පෙරවරුවේදී විවෘත කිරීමට කටයුතු යොදා ඇත.

අලුතින් හිතන ගමනක ඇරඹුම සනිටුහන් කරමින් 'මව්බිම ජනතා පක්ෂ' මූලස්ථානය විවෘත කිරීම 2023 ඔක්තෝබර් 11 වන බදාදා දින උදෑසන 9.45 ට අංක 11, උද්‍යාන මාවත, කොළඹ 08 හීදී සිදු කෙරෙන බව පක්ෂ නායක හා විධායක කමිටුව නිවේදනය කර සිටියි.

මිට ඉහතදී මව්බිම ජනතා පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළේ හිටපු අමාත්‍යවරයකු වන හේම කුමාර නානායක්කාරයි. ඔහු මේවනවිට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක ලෙස කටයුතු කරයි.

මේ අතර ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා ද ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ සිය අපේක්ෂාව පසුගියදා ප්‍රකාශයට පත් කර තිබිණි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us