නසීර් අහමඩ්ව පාර්ලිමේන්තුවෙන් ඉවත් කරයි.

Published in පුවත්
Tuesday, 10 October 2023 14:31

හිටපු පරිසර අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් ගේ එම මන්ත්‍රීධුරය පුරප්පාඩුවී ඇතැයි පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ (9) දැනුම් දී ඇත.

මේ අනුව මැතිවරණ කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකළපුව දිස්ත්‍රික් ලයිස්තුවේ මීළඟට සිටින අපේක්ෂකයා එම පුරප්පාඩුවට පත් කරනු ලැබීමට නියමිතය.

එම ලයිස්තුවේ මීළඟට සිටින වැඩිම මනාප ගත් අපේක්ෂකයා වන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන අලි සහීර් මවුලානාය.ඒ අනුව නව මන්ත්‍රීවරයා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබීමට නියමිතය.

පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය ගත් තීන්දුව නිවැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 6 වැනිදා තීන්දු කළේය.

මෙම නඩු තීන්දුව අනුව මේ වන විට පක්ෂ මාරුකර සිටින සෙසු මන්ත්‍රීවරුන්ගේ ධුරයන් සම්බන්ධයෙන්ද නෛතික ගැටළු ඇතිවීමේ හැකියාවක් නිර්මාණය වී ඇත. නමුත් ඇතැම් නීති ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ නසීර් අහමඩ් සම්බන්ධයෙන් දුන් නඩු තීන්දුව වැරදියට තේරුම් ගෙන තිබෙන බවය. ඔහුට එල්ල වී චෝදනා සඳහා ඔහු නිසි පරිදි පිළිතුරු බැඳීමට අපොහොසත් වීම ඔහුගේ මන්ත්‍රීධුරය අහෝසි වීමට හේතුවී ඇති බවය. විශේෂයෙන්ම එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේම කිරීම ඔහුගෙන් සිදු නොවීමය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us