බෝවන රෝග පැතිරයාමේ අවදානමක්

Published in පුවත්
Wednesday, 11 October 2023 10:48

ගංවතුර පවතින ප්‍රදේශවල බෝවන රෝග පැතිරයාමේ අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

"අපිට අපේක්ෂා කරන්න පුළුවන් ඉදිරියේදී ජල ප්‍රභව දූෂණය වීම නිසා පාචන රෝග පැතිර යාම, ඒ වගේම මැස්සන් සහ මදුරුවන් ඉහළ යාම නිසා ඩෙංගු වැනි රෝග තත්ත්වයන් වගේම වෛරසවලින් පැතිරෙන රෝග තත්ත්ව සහ පාචන රෝග නැවත වරක් හිස එසවීම කියන කාරණා. කෙසේ වෙතත් මේ සම්බන්ධව අපි වැඩි අවධානය යොමු කරලා තියෙනවා. ඒ වගේම මහජනතාවගේ පානීය ජල ප්‍රභව පිරිසිදු කරදීම සඳහා පළාත් පාලන ආයතන සහ ස්වේච්චා සංවිධාන සමඟ එකතු වෙලා අවශ්‍ය තාක්ෂණික උපදෙස් දීලා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි ආහාර සෞඛ්‍ය ආරක්ෂා කරගැනීම සඳහා මැස්සන්ගෙන් සහ දූවිල්ලෙන් නිරාවරණය වුණ ආහාර විකිණීම සම්බන්ධව ආහාර පරිහරණ ආයතන වෙළෙඳ සැල් සියල්ල පරීක්ෂා කරලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා."

"ඒ වගේම දිවයිනේ වෙනත් ප්‍රදේශවලත් මේ දිනවල පවතින යම් කඩින් කඩ වැසි එක්ක ඩෙංගු රෝගය ඉතාම ඉහළ යයි කියලා අපි අපේක්ෂා කරනවා. කෙසේ වෙතත් තම තමන්ගේ පරිශ්‍ර, නිවෙස් සහ ආයතන හෙඳින් පරීක්ෂා කරල බලලා මදුරුවන්ගෙන් තොරව පවත්වාගෙන යන්න කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ කාලගුණ තත්ත්වයත් එක්ක පැතිර යන නොයෙකුත් වෛරස උණ, ඒ වගේම වෛරස නිසා ඇති වන පාචන රෝග වැනි රෝග තත්ත්වවලින් වැළකීම සඳහා, අවශ්‍ය මූලික සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න කියලා අපි රටේ සම්පූර්ණ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා."

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us