කිළිනොච්චියේ පාර්ශ්ව දෙකක් සුරතල් සුනඛයකුට නඩු කියයි!

Published in පුවත්
Thursday, 12 October 2023 09:47

පාර්ශ්ව දෙකක් විසින් සුරතල් සුනඛයකුට අයිතිවාසිකම් කියා සිටීම හේතුවෙන් එම සුනඛයාගේ ජාන පරීක්ෂණයක් සිදු කර වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි කිළිනොච්චිය මහේස්ත්‍රාත්වරයා පොලිසියට පෙරේදා (10) නියෝග කළේය.

මෙම සුනඛයා පොමනේරියන් වර්ගයට අයත් බවයි සදහන් වන්නේ.

කිළිනොච්චිය පරන්තන් ප්‍රදේශයේ වැසියකු මුලින්ම කිළිනොච්චිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ තම සුනඛයා අතුරුදන් වී ඇති බවයි. දින කිහිපයකට පසු මේ සුනඛයා ඔහුගේ නිවෙසට පැමිණ තිබේ. ඊට පසු දිනයේ කිළිනොච්චියේ තවත් පුද්ගලයකු පොලිසියට පැමිණ තමන්ගේ සුරතල් සුනඛයා වෙනත් පුද්ගලයකු විසින් බලහත්කාරයෙන් බැඳගෙන සිටින බවට පැමිණිල්ලක් කර තිබේ. පසුව දෙපාර්ශ්වයම පොලිසියට කැඳවා පැමිණිල්ල විභාග කළද ඔවුන් දෙදෙනා පොදු එකඟතාවකට පැමිණීමට අකැමැති වීම නිසා සුනඛයාගේ ගැටලුව අධිකරණයට යොමු කිරීමට පොලිසියට සිදු විය.

එහිදී සුනඛයාගේ මුල් අයිතිකරු බව කියන පුද්ගලයා අධිකරණය හමුවේ පවසා ඇත්තේ තමන් ඇති දැඩි කරන මේ සුනඛයාගේ මව කිළිනොච්චියේ වෙනත් ස්ථානයක සිටින බවයි. තමන් එම නිවෙසින් මේ සුනඛයා මිලදී ගත් බවද ඔහු අධිකරණයට ප්‍රකාශ කළේය.

ඒ අනුව සුනඛයාගේ නියම අයිතිකරු සොයා ගැනීමට සුනඛයා සම්බන්ධයෙන් ජානමය පරීක්ෂණයක් සිදුකොට එහි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කිළිනොච්චිය මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us