නාගරික ප්‍රදේශවල ගස් සිටුවීමේදී ප්‍රමිතියෙන් යුතු ක්‍රමවේදයක් !

Published in පුවත්
Thursday, 12 October 2023 09:55

නාගරික ප්‍රදේශවල ගස් සිටුවීමේදී ප්‍රමිතියකින් යුත් පැළ යොදාගැනීම සඳහා වන ක්‍රමවේදයක් සකස් කරන ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

විශේෂයෙන් කොළඹ මහ නගර සභා බලප්‍රදේශය තුළ විධිමත් අධ්‍යයනයකින් අනතුරුව ඉදිරි වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.

තදාසන්න ප්‍රදේශවල ගස් කඩා වැටීම වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග හා ඇති විය හැකි අනතුරු අවම කරගැනීම සම්බන්ධයෙන් කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී තිබේ.

එහිදි තදාසන්න ප්‍රදේශවල කඩා වැටීමේ අවදනාමක් පවතින ගස් හඳුනාගැනීමටත් ඒවා මඟින් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට අදාළ දීර්ඝ කාලීන විසඳුමක් සකස් කිරීමටත් රාජ්‍ය අමාත්‍යවරයා එහිදි උපදෙස් ලබා දී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව සිංගප්පුරුව වැනි රටවල් මේ සඳහා යොදාගන්නා තාක්ෂණික ක්‍රමවේද පිළිබඳ අධ්‍යයනය කර ඊට අදාළ තාක්ෂණික සහාය උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලය වැනි ආයතනවලින් ලබා ගැනීමටත් රාජ්‍ය අමාත්‍යවරයා විසින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට උපදෙස් ලබා දී තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us