ශිෂ්‍යත්ව ප්‍රතිඵල දින 45න් ! අපේක්ෂාවේ දරුවන් 4කුත් විභාගය ලියයි !

Published in පුවත්
Monday, 16 October 2023 10:41

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත් ඇගැයීමේ කටයුතු මෙම 26 දා සිට 31 වැනිදා දක්වා දින 6ක් පුරා ඇගැයීම් කටයුතු සිදු කර දින 45ක් වැනි කාලයක් තුළදී ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසිය.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය කිසිදු ගැටලුකාරි තත්ත්වයකින් තොරව ඊයේ (15) සාර්ථිකව අවසන් වූ බවත්, සියලුම පිළිතුරු පත්‍ර අද (16) උදෑසන වන විට රට පුරා ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන මඟින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට ලැබීමට නියමිත බවත් ඔහු කියා සිටියා .

මේ අතර මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් 4කට රෝහලේ විභාග මධ්‍යස්ථානයක් පිහිට වූ බවත්, රෝහල් තුල ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් 11ක් ශිෂ්‍යත්ව විභාගය සඳහා ළඟම පිහිටි විභාග මධ්‍යස්ථානයට යොමු කළ බවත් ඔහු ප්‍රකාශ කළේය.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් 3ක් රෝහලට ළඟම විභාග මධ්‍යස්ථානය වූ බොරැල්ල කන්නන්ගර විද්‍යාලයටත්, මාතර මහ රෝහලේ සහ සමූපකාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් 2ක් මාතර ශාන්ත තෝමස් විද්‍යාලයටත්, නිකවැරටිය රෝහලේ ප්‍රතිකාර ලැබූ දරුවෙක් නිකවැරටිය ජයන්ති විද්‍යාලයටත්, රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවෙක් කඩවත ධර්මදර්ශි විද්‍යාලයටත් පහ වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා යොමු කළ බව ද විභාග කොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us