නිවාස ව්‍යාපෘති 9 ක ඉදිකිරීම් කටයුතු නැවත ඇරඹේ !

Published in පුවත්
Monday, 16 October 2023 10:46

මධ්‍යම හා ඉහළ මධ්‍යම පාංතිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක ඒකක 2918 කින් සමන්විත නිවාස ව්‍යාපෘති 9 යේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මාකුඹුර, මාලබේ, බොරලැස්ගමුව, ස්ටේඩියම්ගම, ඔරුගොඩවත්ත අදියර 1 හා 2, පෑලියගොඩ අදියර 1හා 2, අනුරාධපුර ප්‍රදේශවල මෙම නිවාස ව්‍යාපෘති ඉදිකෙරේ. ඉකුත් 2021 වසරේදී මෙම නිවාස ව්‍යාපෘති ඉදිකිරීම ආරම්භ කර තිබු අතර, ආර්ථික අර්බුද සහ වෙනත් හේතු මත මෙම නිවාස ව්‍යාපෘතිවල ඉදිකිරීම් කටයුතු නතර විය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය හා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මෙම නිවාස ව්‍යාපෘති සැලසුම් කිරීමේ හා ක්‍රියාත්මක කි‍රීමේ කටයුතු සිදුකරනු ලබයි.

නිදන කාමර දෙකකින් සමන්විත නිවසක් විශාලාත්වය වර්ග අඩි 700 කි. නිදන කාමර තුනකින් සමන්විත නිවසක විශාලත්වය වර්ග අඩි 900කි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසන්නේ නැඟී එන මධ්‍යම පාන්තිකයන්ගේ ආදායම් තත්ත්වයට සරිලන පරිදි මෙම නිවාස ඉදිකෙරෙන බවයි.

ඒ අනුව මධ්‍යම ආදායම්ලාභී කාණ්ඩයට නිවාස සඳහා ප්‍රවේශ වීමට ඇති බාධක ඉවත් කිරීම සහ රැකියා ස්ථානයන්ට පහසුවෙන් ළඟාවෙමින් නාගරික ප්‍රදේශවල පදිංචිවීමට මධ්‍යම ආදායම්ලාභීන්ට හැකියාව ලැබෙන බවද අමාත්‍යවරයා පවසයි.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් පෙර විකුණුම් පදනම යටතේ මෙම නිවාස ව්‍යාපෘති ඉදිකරනු ලබයි. නිවාස මිලදී ගැනීම සඳහා අවශ්‍ය බැංකු පහසුකම්ද නාගරික සංවර්ධන අධිකාරියේ මැදිහත්වීම මත සිදුකෙරේ.
ඒ අනුව මාළබේ, මාකුඹුර, බොරලැස්ගමුව හා ඔරුගොඩවත්ත නිවාස ව්‍යාපෘති වල නිවාස කිහිපයක් සඳහා දැනටමත් මුදල් ගෙවා අවසන් බවද එම අධිකාරිය පවසයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us