මධුමාධව අත්අඩංගුවට !

Published in පුවත්
Tuesday, 17 October 2023 11:45

අධිවේගී මාර්ගයේ බිමතින් රිය පැදවීම සම්බන්ධයෙන් ගායන ශිල්පී මධුමාධව අරවින්ද පොලිසිය විසින් ඊයේ (16) දහවල් අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සඳහා කඩවත පොලීසියට භාර දී තිබේ.

කොළඹ පිටත අධිවේගී මාර්ග කොටසේ කඩවත සිට කෙරවළපිටිය දක්වා ගමන් කිරීමේදී මධුමාධව අරවින්ද ගමන් කළ මෝටර් රථය මාර්ග බාධක කිහිපයක ගැටෙමින් ගමන් කර ඇති බව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අධිවේගී මාර්ග කොට්ඨාස නිලධාරීන් විසින් ඔහු නවත්වා මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

වෝටර් බැරියර් නමැති බාධක දහයක පමණ වාහනය ගැටී තිබෙන බවත් ඒ තුළින් සිදුව ඇති හානිය ලක්ෂ පහක් පමණ වන බවත් මේ වන විට ගණනය කර ඇතැයි සඳහන් වේ.

එම අවස්ථාවේදී අදාළ මෝටර් රථය නතර කර පරීක්ෂා කිරීමේදී රියදුරු ලෙස සිට ඇත්තේ මධුමාධව අරවින්ද බව රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් හඳුනාගෙන තිබේ. ඒ වන විට ඔහු බීමත්ව සිටින බවක් ද පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇත. ඒ අනුව ඔහු බීමතින් සිටීදැයි තහවුරු කිරීම සම්බන්ධයෙන් වූ පරීක්ෂණ ද පොලිස් නිලධාරීන් විසින් සිදුකර තිබේ.

අනතුරුව නීතිමය කටයුතු සඳහා ඔහු කඩවත පොලිස් ස්ථානයට භාරදී ඇත්තේ බීමතින් රිය පදවා අධිවේගී මාර්ගයේ බාධකවලට හානි කිරීම සම්බන්ධයෙන්ද නීතිමය පියවර ගැනීමටත් සමඟ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

 

-P.M

Last modified on Tuesday, 17 October 2023 12:37

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us