ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා ආරක්ෂිතයි !

Published in පුවත්
Tuesday, 17 October 2023 11:58

ගාසා තීරයේ සිටින ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා ආරක්ෂිතව සිටින බවට පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත බෙනට් කුරේ පවසයි. ශ්‍රී ලාංකික පවුල් තුනකට අයත් පුද්ගලයන් 17 දෙනකු පලස්තීනය තුළ රැඳී සිටින බවට මේ වනවිට තහවුරු කරගෙන තිබෙන බවද හෙතෙම කියයි.

ඒ පිළිබදව ඔහු දැක්වූ අදහස් ,

'ගාසා තීරයේ ශ්‍රී ලාංකික පවුල් 3ක් පදිංචි වෙලා ඉන්නවා. එක පවුලක් අවුරුදු 22ක් පුරා ගාසා තීරයේ පදිංචි වෙලා ඉන්නවා. තව පවුලක් අවුරුදු 5ක් පමණ. අනික් පවුලත් ශ්‍රී ලාංකිකයි. ඒ පවුල් 3ත් සමඟ අපි නිරන්තරයෙන් සම්බන්ධතා පවත්වනවා දුරකතන මාර්ගයෙන්. දිනපතා කතා කරලා ඔවුන්ගේ තොරතුරු විමසනවා. දැනට ඔවුන් ආරක්ෂිත ස්ථානවල ඉන්නවා. හමාස් සංවිධානයේ අයට විරුද්ධව ඊශ්‍රායලය විසින් දියත් කරලා තියෙන ඒ ප්‍රහාරය අනුව ඊශ්‍රායලය නියෝග කරලා තියෙනවා ඔවුන්ට ගාසා තීරයේ උතුරු දිසාවෙන් දකුණු දිසාවට යන්න කියලා. ඔවුන් දැනට දකුණු දිසාවට ගිහිල්ලා ආරක්ෂිත ස්ථානවල ඉන්නවා. ඔවුන් ගාසා තීරයෙන් ඉවත් කර ගැනීම පිළිබඳව රතු කුරුස සමාජයටත් ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් ලංකාවේ විදේශ සේවා අමාත්‍යාංශයේ කන්සියුල අංශයටත් දැනුම් දීලා තියෙනවා '' යැයි පලස්තීනයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කර තිබේ.

 

-P.M

Last modified on Tuesday, 17 October 2023 12:38

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us