කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා Digital Playbook

Published in පුවත්
Tuesday, 17 October 2023 12:05

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ඩිජිටල් ප්ලේබුක් (Digital Playbook) එළිදැක්වීම පසුගිය (15) දා පැවැත්වීය.

ඒ අනුව මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශය සවිබල ගැන්වීමේ මුලපිරීමක් ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය DigiGo සන්නාමය යටතේ මෙම එළිදැක්වීම තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී සිදු විය.

මෙම ඩිජිටල්කරණය වෙනුවෙන් වූ උපාය මාර්ගික ක්‍රියාවලියට ලෝක බැංකුවේ අඛණ්ඩ තාක්ෂණික සහාය ද හිමිව ඇත. එමෙන්ම වසර 2030 වන විට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මිලියනයකට වැඩි සංඛ්‍යාවක් ඩිජිටල්කරණයට යොමු කරමින් හා මෙරට දළ දේශීය නිෂ්පාදිතයට ඇමරිකානු ඩොලර් බිලියන 15ක් උපයාදීම අරමුණු කර ගනිමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇත. මේ සම්බන්ධයෙන් DigiGo.lk වෙබ් අඩවිය හරහා වැඩි දුර තොරතුරු ලබා ගත හැක.

මේ පිළිබඳ අදහස් දැක්වූ තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් වැඩිදුරටත් පවසා සිටියේ

DigiGo 2030 හි ප්‍රධාන අරමුණ වන්නේ 2030 සඳහා ජාතික ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තියක් ඇති කිරීම බවත් ඩිජිටල් ආර්ථික උපාය මාර්ගය නිර්මාණය කිරීමේ ප්‍රධාන කුළුණු හය අතරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ද ඇතුළත් වන බවත්ය. ඒ අනුව ඩිජිටල් ආර්ථික ක්‍රමෝපායට සහය දැක්වීමට සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් කෙරෙහි අවධානය යොමු කිරිම ඉතා වැදගත් බවත්. ලංකාවේ සියලු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෙකුටම ඩිජිටල් පරිවර්තනය සහ එහි ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් කිරීමේ පදනම මෙම දියත් කිරීමත් සමඟ සැකසෙන බවත්ය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us