පලාලි ගුවන් තොටුපලේ මගී පහසුකම් පුළුල් කිරීමට තීරණ !

Published in පුවත්
Tuesday, 17 October 2023 12:26

පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මගී පහසුකම් පුළුල් කිරීමට තීරණය කර තිබෙනවා. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ ඒ සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

පලාලි ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙස නම් කිරීමත් සමග මේ වනවිට මගීන් 60 දෙනෙකු රැගත් යානයක් ඉන්දියාවේ චෙන්නායි සිටි පලාලි දක්වා පැමිණෙනවා.

ඉදිරියේදී ඉන්දියාවේ ඉන්ඩිගෝ සමාගමට අයත් ගුවන් යානා ද චෙන්නායි සහ පලාලි අතර ගුවන් මෙහෙයුම් සිදුකිරීමට නියමිතයි.

එම ගුවන් තොටුපල නිරීක්ෂණය කළ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එහි පහසුකම් වැඩිදියුණු කිරීම සදහා රුපියල් මිලියන 200ක් පමණ වැය කිරීමට සිදුවන බව සදහන් කළා.

මගී පර්යන්තය පුළුල් කිරීම සහ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයක් පිහිටුවීම ඒ යටතේ සිදුකෙරෙනවා.

සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම සහ ආගමන විගමන හා රේගු නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් සැලසීම ද සිදුකිරීමට නියමිතයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us