සහල් සැගවුවට වැඩක් නැහැ .පාලන මිල ඉක්මවා විකුනන්න තහනම් ! අමරවීර කියයි

Published in පුවත්
Tuesday, 17 October 2023 12:13

කොපමණ සහල් තොග සඟවාගෙන සිටිය ද පාලන මිල ඉක්මවා සහල් අලෙවි කිරීමට ඉඩ ලබා නොදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ව්‍යාපාරිකයින් සහ ගොවීන් වී තොග සඟවා තබා ගනිමින් සහල් හිඟයක් මවා පෑමට උත්සහ කරමින් සිටින බව පුත්තලම ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කර ඇත.

මේ පිළිබදව අමාත්‍යවරයා දැක්වූ අදහස් ,

"අපිට සහල් හිඟයක් නැහැ. නමුත් වෙලා තියෙන්නේ තියෙන වී, සාමාන්‍යයෙන් ව්‍යාපාරිකයොත් ගොවීනුත් දන්නවා මේ යල කන්නයේ අස්වැන්න ලැබිලා තියෙන්නේ. මේක මාස පහකට විතර ප්‍රයෝජනයට ගන්න තියෙන නිසා, ගොවීන් වී ගෙවල්වල තියාගෙන ඉන්නවා. ඒ වගේම මෝල්හිමියොත් මේවා මෝල්වල තියා ගන්නවා. ඒ නිසා තමයි මේ පොඩි හිඟයක් මවා පාන්නේ. නමුත් රටට අවශ්‍ය සහල් ප්‍රමාණය.. ඒ කියන්නේ අපි තමුන්නාන්සේලා කන සහල් තියෙනවා. බාස්මති රටින් ගෙන්න වෙයි. කීරි සම්බාවල හිඟයක් යම් ප්‍රමාණයකින් තියෙයි. අනික් සහල් ඇතිවෙන්න ප්‍රමාණවත්ව තියෙනවා. ඒ වගේම කොච්චර හංගගෙන හිටියත් පාලන මිලෙන් එහාට යන්න අපි සාමාන්‍ය මට්ටමේ හාල්වලට ඉඩදනේනේ නැහැ. පාලන මිලට අඩුවෙන් තමයි පවත්වාගෙන යන්නේ." යනුවෙන් සදහන් කර තිබේ.

 

-P.M

Last modified on Tuesday, 17 October 2023 12:39

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us