කාගෙවත් බලපෑමකට මැතිවරණ පනත් කෙටුම්පත ඉදිරිපත්කරේ නැහැ - ඇමති විජයදාස කියයි !

Published in පුවත්
Tuesday, 17 October 2023 14:29

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා වූ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබූයේ කිසිවෙකුගේ බලපෑමට නොවන බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සංවිධාන කරනු ලැබූ විධායක ජනාධිපති ක්‍රමය හා මැතිවරණ ප්‍රතිසංස්කරණ සඳහා වූ විද්වත් සංවාදයක් ඇමති විජයදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ(16) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.

එක් පුද්ගලයකු වටා ගොඩනැගුණු පාලන ක්‍රමයක් වෙනුවට ජනතා පරමාධිපත්‍යට ගරු කරන පාලන ක්‍රමයක් සකස් කිරීමේ ඇති වැදගත්කම පිළිබඳව මෙහිදී සංවාදයට ලක්විය.මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා වූ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබූයේ කිසිවෙකුගේ බලපෑමට නොවන බවත් ජනතාවගේ අවශ්‍යතාවයන් වඩා ධනාත්මක මට්ටමකින් ලගා කරගැනීමට බවත් මෙහිදී අදහස් පළ කළ අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේය.

වර්තමාන ජනාධිපතිවරයා ධූරයට පත්වීමෙන් පසු තමා අධිකරණ අමාත්‍යවරයා ලෙස වැඩභාරගෙන දිනක් ඇතුලත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල බවත්, මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත ඉදිරිපත් කර එම පනත සම්මත කිරීමටද කටයුතු කිරීම ජනතාව ලබාගත් විශාල ජයග්‍රණයක් බවත්, අමාත්‍යවරයා සදහන් කළේය.

එමෙන්ම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ සමඟ ලබන සම මුල් සතියේදී සාකච්ඡා කිරීමට නියමිත බවත් එවැනි ව්‍යවස්ථාමය වෙනස්කම් කිරීමේදී සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ විවර කිරීමට ආණ්ඩුව සූදානම් බවත් අමාත්‍යවරයා පැවසීය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us