ජනපති Huawei සමග ගිවිසුමකට !

Published in පුවත්
Tuesday, 17 October 2023 19:23

ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය ඩිජිටල්කරණය සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හුවාවි සමාගම සමග ගිවිසුමකට අද අත්සන් තැබිණ.

චීනයේ සිව්දින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ බීජිං නුවර පිහිටි හුවාවි (Huawei) සමාගමේ පර්යේෂණ සහ සංවර්ධන කේන්ද්‍රස්ථානයේ නිරික්ෂණ චාරිකාවකට එක් වූ අතර එහිදී මෙම ගිවිසුමට අත්සන් තැබූ බවයි සදහන් වන්නේ.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ ඩිජිටල් අධ්‍යාපන ක්‍රමවේදය සහ හරිත බලශක්ති නිෂ්පාදනය සම්බන්ධයෙන් චීන රජයේ මෙන්ම හුවාවි සමාගමේ සහාය ද ශ්‍රී ලංකාවට ඉතා වැදගත් බවයි.

තවද අනාගත ලෝකයට ශක්තිමත්ව මුහුණදීම සඳහා ශ්‍රී ලංකාවේ ඉතා තරගකාරී ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් නිර්මාණය කළයුතු බවත්, ඒ සඳහා මූලික පදනම දැන් සැකසෙමින් පවතින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී අවධාරණය කර ඇති බව වාර්තා වේ.

-P.M

p1p2

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us