පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමයේ සංශෝධනයක් !

Published in පුවත්
Wednesday, 18 October 2023 13:32

පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය, මිශ්‍ර ක්‍රමයක් දක්වා වෙනස් කිරීම සඳහා ජන වරම අනුව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව ගැන, පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල අදහස් විමසීම සඳහා අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන සාකච්ඡාවට, සහභාගී වන ලෙස, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විපක්ෂනායක ඇතුළු සියලු පක්ෂවලින් ඉල්ලීමක් කර තිබේ.

ඔහු පාර්ලිමේන්තුවේදී අද (18) පෙරවරුවේ මෙම ඉල්ලීම කළේ, විපක්ෂ නායකවරයා එම සාකච්ඡාවට එක් නොවන බවට සහ ඒ සම්බන්ධයෙන් වන කරුණු ගැන ප්‍රකාශයක් කළ අවස්ථාවේදීය.

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කර මිශ්‍ර ඡන්ද ක්‍රමය පිළිබඳ යෝජනාව සද්භාවයෙන් ඉදිරිපත් කරන්නේ ජන වරම අනුව බවත්, මේ ගැන ජනතාව බලාපොරොත්තුවෙන් සිටින බවත් කි අගමැතිවරයා, පළාත් පාලන ඡන්දයද තවම අවලංගු කර නැතැයි කියා සිටියේය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ උපදේශක කාරක සභාවේදී. පළාත් පාලන ඡන්දය අවලංගු කරන්නැයි මන්ත්‍රීවරුන් ඉල්ලූ බව පැවසූ ඔහු, සඳහන් කළේ, හෘදය සාක්ෂිය අනුව සද්භාවය යන වචනය භාවිතයේ අර්ථය භාවිත කළ යුතු බවයි.

රට බංකොලොත් වී ඇති අවස්ථාවක පළාත් පාලන ඡන්දය ප්‍රකාශයට පත් කළ බවද, එහෙත් ඒ සඳහා රජයේ මුදල් නොමැති බව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සද්භාවයෙන් කියාසිටී බවත්, ඔහු සඳහන් කළේය.

මිට පෙර පාර්ලිමේන්තු තුනක, ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් කාරක සභා තුනක වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවද අග්‍රාමාත්‍යවරයා පැවසිය. ඒ අනුව පළාත් පාලන ඡන්ද ක්‍රමය වෙනස් කර පළමු මැතිවරණය පැවැත්වූ බවත්, පළාත් සභා මැතිවරණ පනත වෙනස් කිරීමට උත්සහ කළ අවස්ථාවේ එය ඇණහිටී බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මේ නිසා 2023.10.18 දින පස්වරුවේ පක්ෂ නායක රැස්වීමට එක්වන ලෙස එක්වන ලෙසත්, සැක මතුකර දේශපාලන හෝ මෙවැනි වෙනස්කම් කළ නොහැකි බවද ඔහු අවධාරණය කළේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us