දමිළ දේශපාලන නායකයන් ජනපතිට සහය දිය යුතුයි.

Published in පුවත්
Wednesday, 18 October 2023 12:49

පවතින ආර්ථික අර්බුදයෙන් රට මුලුමනින්ම ගොඩනැගීම සදහා ජනාධිපතිවරයා ප්‍රමුඛ රාජ්‍ය ගෙන යන වැඩපිළිවෙලට සහය දිය යුතු බව වෙළඳ රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ (17) දින ජනාධිපති මාධ්‍ය ඒකකයේ පැවති ස්ථාවර රටකට සැවොම එක මඟකට යන මැයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

ජාතික සංහිඳියාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉතාමත් නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන නායකයෙකු බැවින් දමිළ දේශපාලන නායකයන් සහයෝගයෙන් කටයුතු කළ බවත් පසුගිය සමයේ ජනතාව මුහුණ දුන් දුෂ්කරතා මේ වන විට ප්‍රමාණයකට සමනය වී ඇති බවත් වෙළඳ රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් පෙන්වා දුන්නේය.

ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ,

රටේ පවතින ආර්ථික අවපාතය ක්‍රමයෙන් යථා තත්වයට පත්වෙන බවත් තවදුරටත් ජනතාව මුහුණ දෙන අපහසුතාවය ක්‍රමයෙන් අඩුවෙන බවත්ය. තව ද ඒ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළ අදාළ අමාත්‍යාංශ ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරමින්න පසුවන බවත් සියලු දෙනා එක් වී කටයුතු කල යුතු බවත්ය.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රථමවරට දමිළ නායකයෙකු නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා වශයෙන් පත් කිරීම සම්බන්ධව ඒ මහතා ස්තුතිවන්ත වන බවත් වත්මන් ජනපතිවරයා දෙමළ ජනතාවගේ ප්‍රශ්නය අවසන් කිරීමට විශේෂ උනන්දුවකින් කටයුතු කරන බවද එතුමා ප්‍රකාශ කර  ඇත.

-P.M

Last modified on Wednesday, 18 October 2023 12:54

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us