යොවුන් සේනාංකය නංවන්න ස්විස්ටර්ලන්තයේ හොටෙල් ඇකඩමියේ සහය  

Published in පුවත්
Thursday, 19 October 2023 09:37

ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් වෘත්තීය දැනුමෙන් සවිබල ගැන්වීම උදෙසා ජාතික යොවුන් සේනාංකය සහ ස්විස් හොටෙල් මැනේජ්මන්ට් ඇකඩමිය අතර අවබෝධතා ගිවිසුමක් සඳහා අත්සන් තැබිණි.

ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් වෙනුවෙන් හෝටල් ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් අවබෝධයක් සහ ප්‍රායෝගික දැනුමක් ලබා දෙමින් ජාත්‍යන්තරව පිළිගත් සහතික පත්‍රයක් සමගින් දෙස් විදෙස් රැකියා අවස්ථා සදහා යොමු කිරීමේ අරමුණ ඇතිව ජාතික යොවුන් සේනාංකය සහ ස්විස් හොටෙල් මැනේජ්මන්ට් ඇකඩමිය අතර මෙම අවබෝධතා ගිවිසුමට එළැඹීම (17) දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී සිදු කෙරිණ.

මෙම ගිවිසුම ශ්‍රී ලංකා රජය සහ ස්විස්ටර්ලන්ත රජය මැදිහත්ව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති ජාතික යොවුන් සේනාංකයත්, බවර්ස් (Baurs) ව්‍යාපාරික ආයතනයත් එකතු වී අත්සන් තැබූ අතර, අවබෝධතා ගිවිසුම අනුව රටෙහි හෝටල් කර්මාන්තය සදහා තරුණ තරුණියන් වෘත්තීය මට්ටමින් ශක්තිමත් කිරීමට පුහුණුවීම්හි වියදම දැරීමට එකගත්වය පළ කර ඇත.

මෙම අවස්ථාවට Deputy Ambassador of Switzerland to Sri Lanka & Maldives MR. OLIVIER PRAZ (ඔලිවියර් ප්‍රාස්), First Secretary Of Switzerland To Sri Lanka & Maldives MS. DORIS MANOR (ඩොරිස් මැනෝර්), Managing Director & Ceo For Baurs MR. ROLF BLASER (රොල්ෆ් බ්ලාසර්), ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.මහේසන්, ජාතික යොවුන් සේනාංකයේ සභාපති නිලන්ත ඒකනායක, එහි අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුජීව රත්නායක යන අය එක්ව සිටියහ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us