18% විදුලි ගාස්තු වැඩිවීමක් ප්‍රමාණවත් - CEB

Published in පුවත්
Thursday, 19 October 2023 09:44

විදුලිබල මණ්ඩලය පුරෝකථනය කළ රුපියල බිලියන 32ක අලාභය පියවීම සඳහා මීට පෙර 22%ක ගාස්තු වැඩිවීමක් අවශ්‍ය වුවද පවතින තත්ත්වය හමුවේ 18% විදුලි ගාස්තු වැඩිවීමක් ප්‍රමාණවත් බව එම මණ්ඩලය පවසයි.

මේ වසරේ ජුලි මාසයේදී විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකළ අතර මීළඟ සංශෝධනය එළඹෙන ජනවාරි මාසයට යෙදී තිබියදී මේ මාසයේ සිට යළිත් ගාස්තු වැඩිවීමක් අවශ්‍ය බව ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට දැනුම්දී තිබුණි.

ඔවුන් අනුමැතිය ඉල්ලා තිබුණේ සියයට 22කින් ගාස්තු වැඩි කිරීමට හෝ විදුලි ඒකකයක් රුපියල් 8කින් වැඩිකිරීමටය.

කෙසේවෙතත් එලෙස ඉල්ලූ ගාස්තු වැඩිවීම මහජන උපයෝගිතා කොමිසම කරුණු 3ක් මත ප්‍රතික්ෂේප කළේ සංශෝධිත වාර්තාවක් අද දින වනවිට යළි යොමු කරන ලෙස දැනුම්දෙමිනි.

දෛනික විදුලි ඉල්ලුම පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා අඩුවීම, ජලවිදුලි උත්පාදනය පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා ඉහළයාම සහ ගල්අඟුරුවල පුරෝකථනය කළ පිරිවැය පහළයාම එම කරුණු තුනයි.

එවන් පසුබිමක ලංකා විදුලිබල මණ්ඩලය යළි දැනුම්දී ඇත්තේ අපේක්ෂිත ප්‍රතිශතයෙන් ගාස්තු වැඩි නොකළහොත් මණ්ඩලයේ පාඩුව පියවාගත නොහැකි වනු ඇති බවය.

ඔවුන් මේ බව ප්‍රකාශ කළේ මහජන උපයෝගිතා කොමිසම අද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වූ යෝජිත විදුලි ගාස්තු වැඩිකිරීම පිළිබඳ අදහස් විමසීමේ වැඩසටහනේදීය.

මෙම කරුණු විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව විදුලි ගාස්තු වැඩි කිරීමට අවසරදීම හෝ නොදීම සම්බන්ධයෙන් තීරණය කිරීමට නියමිතව තිබේ.

මේ අතර ජාතික වාණිජ මණ්ඩලය පවසන්නේ විදුලි ගාස්තු වැඩි කිරීම හරහා ඇඟලුම් ක්ෂේත්‍රෙය් රැකියා 25,000ක් පමණ මේ වනවිට අහිමිවී ඇති බවය.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us