L.T.T.E. ය ඕන කියූ විජයකලා නිදහස් !

Published in පුවත්
Friday, 20 October 2023 07:57

එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැංවිය යුතු බවට ප්‍රකාශයක් සිදු කරමින් ජාතීන් අතර අසමඟිය ඇති කිරීමට උත්සාහ කළ බව කියන චෝදනාවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ (19) නියෝග කළේය.

මෙම චෝදනාව සම්බන්ධයෙන් නීතිපතිවරයා ඉදිරියට කටයුතු නොකරන බවට කරන ලද දැනුම් දීම අනුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් අධිකරණය හමුවේ ගොනු කළ මෝසමක් අනුව නඩුව ඉකුත් 6 වැනිදා කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයාගේ ලිපිය අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.

සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දෙමින් මන්ත්‍රීවරියට එරෙහිව මෙම නඩුව පවත්වාගෙන යා නොහැකි බැවින් ඇය නිදහස් කරන ලෙසට දන්වා තිබිණ.

එම කරුණු දැක්වීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විජයකලා මහේෂ්වරන් මහත්මියට ඔක්තෝබර් මස 19 වැනි දින අධිකරණයේ පෙනීසිටින ලෙසට නොතීසි නිකුත් කර තිබූ අතර එකී නොතීසියට අනුව විජයකලා මහේෂ්වරන් ඊයේ අධිකරණය හමුවේ පෙනීසිටි අවස්ථාවේදී ඇය නිදහස් කිරීමට නියෝග කළේය.

2016 ජූලි මස 2 වැනිදා යාපනය වීරසිංහම් ශාලාවේ පැවැති උත්සවයකදී එල්.ටී.ටී.ඊ. සංවිධානය යළිත් ගොඩනැඟිය යුතු බවට ප්‍රකාශ කිරීමෙන් ජාතීන් අතර අසමඟිය ඇති කිරීමට උත්සාහ දැරූ බවට චෝදනා කරමින් විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරියට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us