ආයෙත් තෙල් මිළ වැඩි වෙන්නේ නැහැ - ඇමති සියඹලාපිටිය කියයි !

Published in පුවත්
Friday, 20 October 2023 08:07

ඛනිජ තෙල් මිල යළි වැඩි නොවන බව වැඩබලන මුදල් ඇමැති රංජිත් සියඹලාපිටිය මුදල් පනත යටතේ නියෝග සම්බන්ධයෙන් පැවැති විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී පවසා ඇත.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වගකීම මහා භාණ්ඩාගාරය භාරගත් බවත් එසේ වගකීම් ආවරණයේදී මේ වර්ෂයේ ජනවාරි සහ ජූනි මාසය තුළදී 25% බැඟින් බදු පැනවීමක් සිදු කළ බවත් ඇමැතිවරයා පැවසුවේය.

ඒ පිළිබදව ඇමැතිවරයා මෙලෙස අදහස් දක්වා ඇත,

''ඛනිජ තෙල් සංස්ථාව සතුව තිබූ වගකීම් සියල්ල භාණ්ඩාගාරය භාර ගත්තා. වගකීම් ආවරණය කිරීම සඳහා ජනවාරි මාසයේදී රුපියල් 25ක බද්දක් පැනවූවා. අපේක්ෂිත මුදල ආවරණය කරගත නොහැකි වූ නිසා ජූනි මාසයේදී තවත් සියයට 25ක බද්දක් පැනවූවා.

විදේශ ප්‍රේෂණවල වර්ධනය බොහෝ ලෙස ඉහළ ගොස් තිබෙනවා. එය සතුටුදායක කරුණක්. කර්මාන්ත සඳහා භාවිත කරන ස්ප්‍රීතු ළඟ තබාගත හැකි ප්‍රමාණය වැඩි කළා. සුරාබදු ආඥා පනත යටතේ මත්වතුර සඳහා වූ බද්ද සියයට 20කින් වැඩි කළා. රටක උද්ධමනයක් ඇති විට එහිදී පාලනය කළ යුතු දේවල බදු ඉහළ නැංවිය යුතුයි. එය ලෝකයම පිළිගත් දෙයක්. රජයක් විදියට මත්වතුර ප්‍රවර්ධනය කළ නොහැකියි. නීත්‍යනුකූල නොවන මත්වතුර වෙළෙඳපොළට පැමිණීම පාලනය කළ යුතුයි. මත්වතුර හා දුම්වැටිවල බදු මුදල් වැඩි කළා. සිගරට් බද්ද සියයට 20කින් වැඩි කළා'' යනුවෙනි.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us