අද සිට විදුලි ගාස්තු වැඩිකිරීමට අවසර !

Published in පුවත්
Friday, 20 October 2023 08:27

අද (20) සිට විදුලි ගාස්තු වැඩිකිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලැබී තිබේ.

ඒ අනුව විදුලිය භාවිත කරන ඒකක ප්‍රමාණය අනුව සංශෝධිත ගාස්තු වැඩිවන ආකාරය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම අද (20) දිනයේ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.

මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් දැනුම්දෙන්නේ විදුලි ගාස්තු වැඩි කෙරෙන ප්‍රතිශත කඩිනමින් ප්‍රකාශයට පත්කරන බවය.

මහජන අදහස් විමසීමෙන් පසු සිදුකළ කරුණු සමාලෝචනයට අනුව සියයට 18ක පමණ විදුලි ගාස්තු ඉහළ නැංවීමක් සඳහා මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබාදී ඇති බවට වාර්තා වන අතර ඒ සම්බන්ධයෙන් අද දිනයේ නිල ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව තවදුරටත් වාර්තා වෙයි.

යෝජිත විදුලි ගාස්තු වැඩිකිරීම පිළිබඳ මහජන අදහස් විමසීමේ වැඩසටහනද පසුගිය 18 වනදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණි.

කෙසේවෙතත් මෙම මහජන අදහස් විමසීමේ වැඩසටහනේ කිසිදු විනිවිදභාවයක් නොමැති බව කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක නිලුක්ෂ කුමාර පැවසීය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us