රනිල් චීන ජනපති හමුවේ !

Published in පුවත්
Friday, 20 October 2023 10:11

චීන ජනාධිපති ෂී ජින් පිං “එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළේ ජාත්‍යන්තර සහයෝගිතාවේ 3 වැනි නායක සංසදයට එක්වීම සඳහා චීනයට පැමිණ සිටින ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (20) පෙරවරුවේ හමු වී තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මීට වසර 6කට පෙර අග්‍රාමාත්‍යවරයා වශයෙන්“එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළේ ජාත්‍යන්තර සහයෝගිතාවේ පළමු නායක සංසදයට එක් වූ බව සිහිපත් කරමින්, ෂී ජින් පිං කියා සිටියේ 3 වැනි නායක සංසදයට රනිල් වික්‍රමසිංහ එක්වීම, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට ශ්‍රී ලංකාව තිරසර සහය දීම තහවුරු කළ බවයි.

චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින්නේ දිගු මිත්‍රත්වයක් සහිත ඉතිහාසයකි.චීනයේ පාහියන් භික්ෂුව ලියූ “බෞද්ධ රාජධානි සටහනක්” ග්‍රන්ථය සහ ශ්‍රී ලංකාවෙන් සොයාගත් චෙන් හ නම් චීන නාවිකයා තැබූ ශිලා ලේඛනය, දෙරට මිතුදම සඳහා ඓතිහාසික සාක්ෂි දරන බව ෂී ජින් පිං ජනාධිපතිවරයා කියා සිටියේය.

1952 වසරේ චීනය හා ශ්‍රී ලංකාව අත්සන් කළ සහල්-රබර් ගිවිසුම එම මිතුදම තවත් ශක්තිමත් කළ බව ද හෙතෙම පැවසීය.

වර්තමානයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ චීනය චීන ලක්ෂණයෙන් යුත් නවීකරණ ක්‍රියාදාමයේ නිරත ව සිටී.

මේ වන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව දුෂ්කර ම කාලය පසු කර යළි ප්‍රකෘතිමත් වෙමින් පවතී.

චීනය ද්විපාර්ශ්වික සම්බන්ධතා ඉතා වැදගත් කොට සලකන බවත්, රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව ‍දේශපාලන විශ්වාස ශක්තිමත් කරමින් එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ මගින් එම සම්බන්ධතා තවදුරටත් ඉදිරියට ගෙන යාමට කැමති බවත්, චීන ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us