දේශපාලන කොන්දේසිවලින් තොරව ආධාර ලබාදීමට චීනයෙන් එකඟතාවයන් !

Published in පුවත්
Friday, 20 October 2023 10:57

දේශපාලන කොන්දේසිවලින් තොරව ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමට සහ එහි අපනයනවලින් වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමට චීනය කැමැත්තෙන් සිටින බව ජනාධිපති ෂී ජින්පිං අද .(20) බීජිං හි පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

තවද, ජාත්‍යන්තර සහ කලාපීය කටයුතු සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට දෙපාර්ශවය එකඟ වී ඇත.

මේ අතර, බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසුවේ ශ්‍රී ලංකාව සහ චීනය අතර ශක්තිමත් හවුල්කාරිත්වය සහ සහයෝගීතාව තවදුරටත් තහවුරු කිරීමට නායකයින් දෙදෙනා ප්‍රතිඥා දුන් බවයි.

ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වූ 'තීරය සහ මාර්ග සංසදය"ට සහභාගී වීමට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඔක්තෝබර් 16 වැනිදා බීජිං නුවරට පැමිණියේය. චීනයේ 'තීරය සහ මාර්ග මුලපිරීමේ' (BRI) 10 වැනි සංවත්සරය සනිටුහන් කිරීම සඳහා චීන රජය විසින් සංවිධානය කරන ලද රැස්වීම සඳහා නැගී එන වෙළඳපල රටවල නායකයින් ව්ශාල ප්‍රමාණයක් බීජිං වෙත පැමිණ තිබිණි

ජාත්‍යන්තර සහයෝගීතාවයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ෂී ජින්පින්ග් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන තීරය සහ මාර්ග සංසදයයේ තෙවන සමුළුව බදාදා (ඔක්. 18) ආරම්භ විය. සමුළුව අතරතුර, ගෝලීය හවුල්කාරිත්වයන් පෝෂණය කිරීම සඳහා එහි කැපවීම පිළිබිඹු කරමින් BRI සමඟ සමපාත වූ පුළුල් ප්‍රතිපත්ති මාලාවක් ජනාධිපති ෂී විසින් එළිදක්වන ලදී.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us