විභාග අසමත් වූවන්ටත් බලාපොරොත්තුවක් !

Published in පුවත්
Friday, 20 October 2023 13:15

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අසමත් දරුවන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය පවසා තිබෙනවා.

අ. පො. ස සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වන සිසුන් සංඛ්‍යාව ලක්ෂ 2ක් වන අතර අපොස උසස් පෙළ අසමත් සංඛ්‍යාව ලක්ෂයක පමණ ප්‍රමාණයක් වන බැවින් මෙම සිසුන් ලක්ෂ 3ක ගේ අනාගතය සාර්ථක කරවීම සදහා මෙම කාර්යභාරය ඉටුකරන බව ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ සභාපති රුචික අමරසේකර පවසනවා.

ඔහු මේ බව සදහන් කලේ මහනුවර ස්විස් හෝටලයේ දී ඊයේ (19) දින පැවැති නයිටා ආයතනයේ සිසු සිසුවියන් සදහා ප්‍රායෝගික පුහුණුව ලබා දීමට දායකත්වය සපයන සේවා යෝජක ආයතනවලට උපහාර දැක්වීමේ උත්සවයක දීය.

තවදුරටත් අදහස් දැක්වූ ඔහු පවසන්නේ ,

විභාග අසමත් දරුවන් සමාජයෙන් කොන් වීමකට ලක් වීමත් ත්‍රිරෝද රථ රියදුරන් ලෙස තව වෘත්තීය කර ගැනීමට යන ප්‍රණතාවය වැඩි වශයෙන් පවතින බවත්, මෙම සිසුන් සදහා වෘත්තීය පුහුණුවක් ලබා දී සුදුසුකම් පරීක්ෂා කර NVQ 3 NVQ 4 වර්ගයේ පුහුණු සහතික ලබා දී ඔවුන්ට සැලකිය යුතු වැටුපක් ලබා ගෙන රැකියාව තුළ උසස්වීම් ලබා ගැනීමටත් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම මගින් හැකිවෙන බවත් ය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us