විදුලි බිල වැඩි වන්නේ නැහැ - CEB කියයි !

Published in පුවත්
Saturday, 21 October 2023 10:35

නියඟ තත්ත්වයක් හෝ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යෑමක් වැනි සුවිශේෂ කරුණක් නොවුණ හොත් ලබන වසරේ ජූලි 1 දින දක්වා යළිත් විදුලි ගාස්තු ඉහළ නැංවීමක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරි ආචාර්ය නරේන්ද්‍රද සිල්වා පැවසීය.

එමෙන්ම, මේ වසරේ (2023) විදුලිබල මණ්ඩලයට සිදු වෙතැයි ගණන් බලා ඇති රු. බිලියන 18ක පාඩුව පියවාගැනීම ඊයේ (20) සිට සිදු කළ විදුලි ගාස්තු සංශෝධනය මඟින් හැකි වන බවද වැඩබලන සාමාන්‍යාධිකාරිවරයා කීය. කොළඹ ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානයේ ඊයේ (20) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් වැඩ බලන සාමාන්‍යාධිකාරිවරයා මේ බව අවධාරණය කර ඇත.

මේ අතර විදුලි බිල වැඩි කිරීම සඳහා අමාත්‍යවරයා ගත් තීරණය පිළිබඳ ජනතාව ඉදිරියේ දී නිසි ප්‍රතිචාර දක්වනු ඇති බව මහාචාර්ය රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

ඔහු පවසන්නේ, විදුලි බල මණ්ඩයේ යෝජනා අනුමත කිරිමට මහජන උපයොගීතා කොමිසම අවශ්‍ය නොවන බවය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us