පොහොර ටෙන්ඩරය ප්‍රමාද කල දෙදෙනාට වැඩ වරදි !

Published in පුවත්
Sunday, 22 October 2023 09:04

පොහොර ටෙන්ඩරය මාස තුනක් ප්‍රමාද කළ නිලධාරින් දෙදෙනා වහාම කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

මෙවර මහ කන්නයේ දී ගොවීන්ට අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් පසුගිය මැයි මාසයේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී කඩිනමින් පොහොර මිල දී ගැනීම සඳහා අදාල ටෙන්ඩර් කැඳවන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයේ පොහොර සම්බන්ධව කටයුතු කරන නිලධාරින්ට උපදෙස් දී තිබුණා.

නමුත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී මාස තුනක් ගත වූවත් ඒ සම්බන්ධව කටයුතු කරන වගකිව යුතු නිලධාරින් දෙදෙනා යුරියා ටෙන්ඩර් කැඳවීම සඳහා කිසිදු පියවරක් ගෙන නොමැතිබව අනාවරණය වී තිබෙනවා.

මේ වනවිට රටවල් කිහිපයක් අතර ඇතිවී තිබෙන යුධ ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙදපළෙහි යුරියා පොහොර ඇතුළු සියලු පොහොර මිල ගණන් ඉහළ යාමේ අවදානමක් පවතිනවා.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුනු මැයි මාසයේ දී මෙම පොහොර මිල දී ගැනීමට කටයුතු කළේ නම් ඉතාමත් අඩු මිලකට යුරියා පොහොර මිල දී ගැනීමට හැකියාව තිබුණා.

ඒ වනවිට ලෝක වෙළෙඳ පලේ යුරියා මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 350කට පමණ මිල දී ගැනීමට හැකියාව තිබු අතර යුධමය තත්ත්වය නිසා මේ වනවිට එම මුදල ඩොලර් 650ත් ඉක්මවා ගොස් ඇති බව සඳහන්.

මේ නිසා රජයට විශාල මුල්‍යමය පාඩුවක් සිදු කර ඇති බව පෙනීයන බව අමාත්‍යංශය නිවේදනය කළේ.

මාස තුනක් ටෙන්ඩර් ප්‍රමාද කිරීම නිසා රජයට විශාල මුදලක් පාඩු කරමින් හා ගොවි ජනතාවට කලට වේලාවට පොහොර ලබා දීම අපහසුතාවයක් ඇති කිරීම මෙන්ම සිතාමතා රාජකාරිය පැහැර හැරීම මෙම නිලධාරින් දෙදෙනා විසින් සිදු කර ඇති බව පෙනී යන බවද ඔවුන් දක්වා තිබෙනවා.

මේ නිසා පොහොර සැපයීමේ කටයුතු බාරව කටයුතු කරන ලද අදාල ඉහළ නිලධාරියා හා නිලධාරිනිය වහාම අමාත්‍යාංශයෙන් ඉවත් කර වෙනත් ස්ථානයකට මාරු කර යැවීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us