ඖෂධ හිඟ බිල් ගෙවීමට මුදල් වෙන් කරයි !

Published in පුවත්
Friday, 27 October 2023 09:07

ඖෂධ මිල දී ගැනීම වෙනුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ විවිධ සැපයුම්කරුවන්ට ගෙවීමට ඇති හිඟ මුදල් පියවීමට මුදල් වෙන් කිරීම සඳහා වූ යෝජනාවට විශේෂ කැබිනට් අනුමැතියක් ලබා ගැනීම සඳහා ලබන සතියේ ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කොට ඇත.

ඊයේ (26) දින මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ සහ සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ ප්‍රධාන අමාත්‍යාංශ දෙකෙහි ඉහළ පෙළේ නිලධාරීන්ගේ විශේෂ හමුවක් පැවැත්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇති බවයි වරත වන්නේ.

එහිදී ගනු ලැබූ තීරණයට අනුව ගෙවිය යුතු හිඟ බිල්පත් ගෙවීම සඳහා අනුමැතිය ලබාගන්නා යෝජනාව මුදල් අමාත්‍යාංශයේ අය-වැය දෙපාර්තමේන්තුව මඟින් සකස් කොට ලබන සතියේ ඉදිරිපත් කරන බව ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය. මේ සඳහා වැය කළ යුතු මුදල රාජ්‍ය බැංකුවක ණය පහසුකමක් යටතේ ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳව ද සොයා බලන බව ද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය. ඖෂධ මිල දී ගැනීම, හිඟ බිල්පත් ගෙවීම, අත්‍යවශ්‍ය සෞඛ්‍ය වියදම් සඳහා කිසිදු ප්‍රමාදයකින් තොරව මුදල් ලබා දීමට කටයුතු කරන බව ද රාජ්‍ය ඇමැතිවරයා කීය.

මුදල් රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේ මීට පෙර මාස තුනක බිල්පත් පමණක් අත ඉතිරි වන ලෙස ගෙවීම් සිදු කළ ද එය මේ වන විට මාස දෙකක් දක්වා අඩු කර ගැනීමට හැකිව තිබේන අතර එය ලබාගත් ජයග්‍රහණයක් බවයි. ඉන් නොනැවතී ඉදිරි වසරේ සිට මාසයක බිල්පත් පමණක් අත ඉතිරිවන සේ ගෙවීමට කටයුතු කරන බව ද මුදල් රාජ්‍ය ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us