සියල්ලන්ගේ යහපත උදෙසා රට ගොඩනගන්න එක්වන්න -රනිල්

Published in පුවත්
Friday, 27 October 2023 21:17

බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය තුළ පවතින දේශපාලනික වෙනස්කම් එලෙසම පවත්වා ගනිමින්, සියලුදෙනාගේම පොදු යහපත උදෙසා නව රටක්, නව ආර්ථිකයක් සහ නව දේශපාලන ක්‍රමයක් සමඟ රට යළි ගොඩනැඟීමට එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සියලු දේශපාලනඥයන්ට සහ පුරවැසියන්ට ආරාධනා කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවට වසර සියයක් පිරීම නිමිත්තෙන් අද (27) පෙරවරුවේ එම විද්‍යාලයේ පැවති “රීඩ් මාවතේ සියවස් සැමරුම” උත්සවයට එක් වෙමිනි.

මෙරට පාසල් පද්ධතිය තුළ පවත්වාගෙන යන ගුණාත්මක අධ්‍යාපනය මෙහිදී අගය කළ ජනාධිපතිවරයා ඒ අතර කොළඹ රාජකීය විද්‍යාලයට සුවිශේෂී ස්ථානයක් හිමි වන බවත් රාජකීයයන් සෑමවිටම ඉදිරියට පැමිණ රට වෙනුවෙන් තම යුතුකම ඉටුකළ බවත් කියා සිටියේය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් සම්පාදනය කරන ලද කෘතියේ පළමු පිටපතද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ද විදුහල්පති තිලක් වත්තුහේවා විසින් සමරු තිළිණයක් පිළිගන්වනු ලැබීය.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us