එජාපය සමග සජබ සාමාජිකයන්ට එකතුවෙන්න පුළුවන්

Published in පුවත්
Monday, 30 October 2023 09:42

සමඟි ජන බලවේගයේ සිටින මන්ත්‍රීවරුන් සියලුම දෙනා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් බැවින් ඔවුනට එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වීමට අවස්ථාව පවතින බව සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් තිබේ.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු දැක් වූ අදහස්,

එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා අස් වූයේ හර්ෂ ද සිල්වා පමණයි. වෙනත් කිසිදු මන්ත්‍රීවරයෙක් එජාපයෙන් ඉල්ලා අස් වූයේ නැහැ. සජබය කියන්නේ එජාපයේ පළුවක්. ඒ නිසා ඒ හැමටම යළි එජාපය සමඟ එක් වීමට පුළුවන්. යථා කාලයේදී ඒ දේවල් සිදු වේවි. අපේ නඩු තීන්දුව එනකම් කට්ටිය බලාන ඉන්නේ. ආපසු මහ ගෙදරට යන එක වළක්වන්න සජබයේ සමහරු බලාන හිටියත් නඩු තීන්දුවෙන් පසු එය වළක්වන්න බැරි වේවි. බංකොළොත් වුණු රට ගොඩ ගන්න ඉදිරිපත් වුණේ එජාප නායක රනිල් වික්‍රමසිංහ පමණයි. එතුමාට ඒ සඳහා සහාය දීම සියලු දෙනාගේම යුතුකමක්. ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ඔහු යළිත් ජනාධිපති ධුරයට පත් කිරීමට එක් වන ලෙස මා සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා යැයිද හරීන් ප්‍රනාන්දු  පැවසීය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us