කොවිඩ් එන්නතෙන් පසු මරණ ඉහළ යෑමේ ලෝක ප්‍රවණතාවයක්

Published in පුවත්
Monday, 30 October 2023 09:48

මෙරට තුළ සිදුවන මරණවල ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය වසර දෙකක කාලය තුළ සිදුකළ සොයාබැලීම්වලදී මෙම තත්ත්වය දැකගත හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව 2012 වසරේ ජුලි සිට 2013 වසරේ ජුනි දක්වා මෙරට තුළ ලියාපදිංචි මරණ සංඛ්‍යාව 125,626ක් ලෙස වාර්තා වුවද 2022 වර්ෂයේ ජුනි මාසයේ සිට 2023 වර්ෂයේ ජුනි මාසය දක්වා මෙරට තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 190,600ක් බව වාර්තා වේ.

2022 වර්ෂයට වඩා 2023 වර්ෂයේ දී මෙරට මධ්‍ය වාර්ෂික ජනගහණය 144,345ක් දක්වා අඩුවී ඇති බවද එම වාර්තා පෙන්වාදෙයි.ඒ අනුව උපත්වල ක්‍රමික අඩුවීමක් පෙන්නුම් කරන අතර මරණවල ක්‍රමික වැඩිවීමක් පෙන්නුම් කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කෙසේවෙතත් මෙම මරණවල ක්‍රමික ඉහළ යාමට හේතුව නිශ්චිතව හඳුනාගෙන නොමැති අතර මෙරට තුළ පැවැති කොවිඩ් ව්‍යාප්තියෙන් පසුව මෙම තත්ත්වය ඉහළ යාමක් දක්නට ලැබෙන බවද වාර්තා වේ.

කොවිඩ් එන්නත්කරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශව තුළ විවිධ මත පැවතිය ද ඒ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු මේ දක්වාත් වාර්තා වී නොමැත. ලෝකයේ සාමාන්‍ය වාර්ෂික මරණ සංඛ්‍යාවෙන් සියයට 15 සිට සියයට 45 දක්වා අතර ප්‍රතිශතයකින් ඉහළ යාම මේ වන විට දක්නට ලැබෙන ප්‍රවණතාවක් බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us