හෝර්ටන් තැන්නට ඩයගමින් නව පිවිසුමක්  

Published in පුවත්
Monday, 30 October 2023 12:15

ජෛව විවිධත්වය අනුව අතිශය වැදගත් ස්ථානයක් (Hotspot) ලෙස සැළකෙන හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට ප්‍රවේශ වීම සඳහා තවත් ප්‍රවේශපත් කවුළුවක් ආරම්භ කර ඇත.

එය ඩයගම මාර්ගය විවෘත වීමත් සමග හෝර්ටන් තැන්නට මාර්ග 3කින් පිවිසීමට හැකියාව ලැබෙන බවත් ඔහීය සහ පට්ටිපොල මාර්ගයෙන් පැමිණෙන සංචාරකයින්ට ඩයගම මාර්ගයෙන්ද පැමිණ හොර්ටන් තැන්න ජාතික උද්‍යානය නැරඹීමේ අවස්ථාව මෙ මගින් උදාවන අතර එය සංචාරකයින්ට පහසුවක් වන බව වන ජිවි හා වන සම්පත් අමාත්‍යාංශය පවසයි. එමෙන්ම ප්‍රවේශපත් නිකුත්කරන කවුළුවල පවත්නා අනවශ්‍ය තදබදයද මගහරවා ගැනීමටද මෙමගින් අවස්ථාව ලැබෙන බවත් වන ජිවි හා වන සම්පත් අමාත්‍යාංශය  පවසයි.

වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් සහ වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාරගේ සහභාගිත්වයෙන් ඔක්තෝම්බර් 28 වනදින සංචාරකයන් සඳහා මෙය විවෘත කර ඇත. මෙහි ඉදිකිරීම් සඳහා අනුග්‍රහය සපයන්නේ ටෝකියෝ සිමෙන්ට් ආයතනය විසිනි.

හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයට වාර්ෂිකව දෙස් විදෙස් සංචාරකයින් විශාල සංඛ්‍යාවක් පැමිණෙන ජනප්‍රිය ජාතික උ්‍යානයක් වන අතර මේ වර්ෂයේ ජුනි මාසය වනතෙක් හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයට පැමිණි දෙස් විදේස් සංචාරකයින් සංඛ්‍යාව එක් ලක්ෂ පනස් දහක් පමණ වන බවත් ඩයගම ප්‍රවේශයෙන් හොර්ටන්තැන්න ජාතික උද්‍යානයට ඇතුළු වන සංචාරකයින්ට උද්‍යානය තුල සංචාරය කිරීමට ස්වභාවික මංපෙත් භාවිතා කළ හැකි බවත් වනජිවි අමාත්‍යාංශය පවසයි.

මුලුමනින්ම ස්වභාවික මංපෙතක් වන මෙම මාර්ගය වාහන භාවිතා කිරීමට ඉඩ ලබා නොදෙන අතර මෙම මාර්ගය පරිසර හිතකාමී ස්වභාවික මංපෙතක් ලෙස ක්‍රියාත්මක කර ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us