අස්වැසුමේ ගැටලු විසදන්න සතියක් !

Published in පුවත්
Tuesday, 31 October 2023 09:14

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ ‍පවතින ගැටලු විසඳීම සඳහා ‘අස්වැසුම සතියක්’ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව නොවැම්බර් මස 06 වනදා සිට 11 වැනිදා දක්වා අස්වැසුම ප්‍රතිලාභීන් ලෙස සුදුසුකම් ලබා ඇති නමුත් මෙතෙක් ප්‍රතිලාභ ලැබී නොමැති පවුල් මෙන්ම තාක්ෂණික ගැටලු හේතුවෙන් ප්‍රතිලාභ ප්‍රමාද වීම ඇතුළු ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

එමෙන්ම අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා අගෝස්තු මාසයට අදාළ ගෙවීම් හෙට (01) සිට ආරම්භ කරන බව ද , ප්‍රතිලාභීන් 1,365,000 සඳහා එම මුදල් නිකුත් කර ඇතැයි, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ ය.

"දැනට අපි ගෙවීම් කරලා තියෙන්නේ ජුලි මාසයට අදාළව. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා මුදල් අමාත්‍යාංශය මහ භාණ්ඩාගාරය විසින් ප්‍රතිලාභීන් වෙත 1,365,000ක් සඳහා රුපියල් බිලියන 8.5ක මුදලක් ලබාදෙන් කටයුතු කළා. ඒ අනුව ප්‍රතිලාභීන් සඳහා බදාදා දිනයේ සිට ඔවුන්ගේ ප්‍රතිලාභ ලබාගැනීමේ හැකියාවක් තියෙනවා."

 

-P.M

Last modified on Tuesday, 31 October 2023 09:24

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us