මෙවර අයවැයෙන් සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළට !

Published in පුවත්
Tuesday, 31 October 2023 09:06

මෙවර අය-වැය මඟින් සියලුම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අමාත්‍ය මණ්ඩලය අමතා ඊයේ (30) පැවැසීය.

රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි වීමට සමගාමීව පෞද්ගලික අංශයේ වැටුප ද වැඩි කරන ලෙස ඉල්ලීමක් කරන බව ද ජනාධිපතිවරයා එහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

ආණ්ඩුව රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන බව දැනගෙන ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ඇතැම් කණ්ඩායම් එය ඔවුන්ගේ බලපෑම අනුව සිදු වූ බවට පැවසීමට උත්සාහ දරන බව කීම කිසිදු පදනමක් නැති කතාවක් යැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය.

දිනෙන් දිනම බඩු මිල වැඩි වීම මිස අඩු නොවන තත්ත්වය යටතේ වැඩ කරන ජනතාවගේ වැටුප් ඉහළ දැමීමට අදහස් කළ බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කලේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ තුන්වැනි අය-වැය යෝජනාවලිය නොවැම්බර් 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙවර අය-වැය යෝජනාවලිය මගින් වැටුප් වැඩි කිරීමක් කරන බවට ප්‍රථමවරට නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුයේ ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදීය. වැටුප් වැඩිවන ප්‍රමාණය එහි දී ප්‍රකාශ නොවිණි.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us