ආහාර හිඟයකට බිය විය යුතු නැහැ . අමාත්‍ය ඩී. බී. හේරත් කියයි !

Published in පුවත්
Wednesday, 01 November 2023 14:51

ඉදිරියේදී ආහාර හිඟයක් පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නැති බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් පැවසීය.

මෙරට ගොවි ජනතාවගේ සහයෝගයෙන් මේ වන විටත් රට තුළ සහල් අතිරික්තයක් පවත්වාගෙන යාමට හැකි වී තිබෙන බැවින් ආහාර හිඟයක් පිළීබදව බියක් ඇතිකරගැනීම අවශ්‍ය නොවන බවයි ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් (31) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ .

ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය අර්බුදයකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය දායකත්වය රජයක් ලෙස ලබා දී ඇති බවත් , එමෙන්ම ඉදිරියේ දී ආහාර හිඟයක් ඇති වීම වළක්වා ගැනීමට දැඩි අවධානයක් යොමු කරන සිටින බවත්, ගොවි ජනතාවගේ සහයෝගයෙන් සහල් අතිරික්තයක් නිෂ්පාදනය කිරීමට සමත්ව ඇති බවත් අමාත්‍යවරයා එහිදී පවසා ඇත.

තවද ජාතික කිරි අවශ්‍යතාවය පිරිමැසීම සඳහා ආනයනික පිටි කිරි මත පැවතීම වෙනුවට වෙනත් විකල්ප ක්‍රම භාවිතා කළ යුතු බවත් ,ඒ සදහා ජනතාව දියර කිරි භාවිතය සඳහා පෙළඹවීමට අවශ්‍ය අතර දියර කිරි ලබාගැනීම ජනාතවට පහසු කිරීම සඳහා ජංගම අලෙවි රථ යොදා ගැනීමටත් අවධානය යොමු කර තිබෙන බවත් අමාත්‍යවරයා පවසා ඇත.

කෙසේ නමුත් එමෙන්ම වැසී තිබෙන සත්ත්ව නිෂ්පාදන කර්මාන්තය නැවත ආරම්භ කිරීමටත් අවධානය යොමු කර තිබෙන බවත් රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් පවසා තිබේ.

 

-RS

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us