අස්වැසුම ප්‍රතිපාදන තවත් වැඩි දෙනෙකුට !

Published in පුවත්
Wednesday, 01 November 2023 20:24

අස්වැසුම වැඩසටහනෙන් තවත් වැඩි ප්‍රමාණයකට මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙන ගමනක් පිළිබඳව ඉදිරි මාසයේ දී ප්‍රකාශයට පත් කිරීමට හැකි අවස්ථාවකට පැමිණ තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ “අලුත් ගමක්- අලුත් රටක්”ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන වැඩසටහන පිළිබඳ අනුරාධපුර විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට ඊයේ(31) උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ පැවති අවස්ථාවේදීය.

'' අස්වැසුම වැඩසටහනේ ප්‍රමාදයන් හා ගැටළු නිවැරදි කරගැනීමට අවශ්‍ය පියවර යොමු කර තිබෙනවා. තවත් වැඩි ප්‍රමාණයකට මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙන ගමනක් පිළිබඳව ඉදිරි මාසයේ දී ප්‍රකාශයට පත් කරන්න පුළුවන් අවස්ථාවකට පැමිණ තිබෙනවා. මේ සියල්ල සිද්ධ වෙන්නේ ආර්ථිකය වගේම රටේ නීතිය හා සාමය ස්ථාපිත වූ නිසයි.''
(අගමැති )

මේ අතර අගෝස්තු මාසය සඳහා වන 'අස්වැසුම' ගෙවීම් අද දින ( 01) ලබාදීමට කටයුතු කරනු ලැබිය. එසේම සැප්තැම්බර් මාසය සඳහා වන දීමනාවද නොවැම්බර් මාසය තුළදී ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කෙරෙන බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා දැනුම් දී තිබේ.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us