බංගලාදේශයෙන් ඇ.ඩො .58000 ක් වටිනා ඖෂධ තොගයක් මෙරටට !

Published in පුවත්
Thursday, 02 November 2023 18:54

බංග්ලාදේශ රජයෙන් මෙරටට ඇමරිකානු ඩොලර් 58000 ක් වටිනා ඖෂධ ආධාර තොගයක් ඉදිරි සතිය තුළ දී ලැබීමට නියමිත බව වාර්තා වේ. එම ඖෂධ අතර පිළිකා හා වකුගඩු සදහා අවශ්‍ය ඖෂධ මෙන්ම තවත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 54 ක් ඇති බවත් සදහන්.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ ශ්‍රී ලංකා බංග්ලාදේශ මහ කොමසාරිස් (H.E) Tareq Md Ariful Islam අතර හමුවක් පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැත් වූ අතර එහිදී ශ්‍රී ලංකා බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා මේ බව අනාවරණය කරන ලදී.

මෙම ඖෂධ ආධාර තොගයට අමතරව බංග්ලාදේශ සෞඛ්‍ය අමාත්‍යංශය හරහා ඇමරිකානු ඩොලර් මිලියනයක් වටිනා තවත් ඖෂධ ආධාර තොගයක් ඉදිරියේ දී ලැබීමට නියමිත බවත් මහ කොමසාරිස්වරයා එහි දී පැවසීය.

ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ඉල්ලීමට කඩිනමින් ප්‍රතිචාර දක්වමින් මෙම ඖෂධ ප්‍රදානයන් සඳහා අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් බංග්ලාදේශ මහ කොමසාරිස්වරයාටත්, බංග්ලාදේශ රජයටත් විශේෂ ස්තුතිය පිරිනමන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පැවසීය.

මේ අතර පවතින ඖෂධ හිඟයට පිළියමක් වශයෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකා රජය හා බංග්ලාදේශ රජය අතර ඖෂධ ලබා ගැනීම සම්බන්ධයෙන් වන රාජ්‍ය මට්ටමේ දිගු කාලීන වැඩපිළිවෙළක් සැකසීමේ අවශ්‍යතාව ද මෙහි සාකච්ඡා කෙරිණි.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us