මැතිවරණ ක්‍රමය වෙනස් කරන ඩෙප් කොමිසමට තවත් බලතල !

Published in පුවත්
Friday, 03 November 2023 09:04

මෙරට මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතු ආකාරය ගැන සොයා බැලීමට හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්ගේ සභාපතිත්වයෙන් පත් කළ ජනාධිපති කොමිසමේ බලතල වැඩි කරන ගැසට් නිවේදනය අද (03දා) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරනු ඇත.

මැතිවරණ ක්‍රමය සකස් විය යුතු ආකාරය ගැන මෙම කොමිසම හමුවට ගොස් ඕනෑම් කෙනකුට අදහස් දැක්වීමේ හැකියාව පවතින බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළේය.

සිවිල් සංවිධාන, වෘත්තීය සමිති, මාධ්‍යවේදීන් ඇතුළු සියලු පාර්ශ්වවලට මෙම කොමිසම හමුවට ගොස් කරුණු දැක්විය හැකි බව ද එම අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

 

-P.M

Last modified on Friday, 03 November 2023 09:52

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us