නව පොලිස්පතිවරයෙකු පත්කිරීමට තවම තීරණයක් ගෙන නැහැ -ටිරාන් අලස්

Published in පුවත්
Friday, 03 November 2023 10:04

නව පොලිස්පතිවරයෙකු පත් කිරීම පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.


අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ,පොලිස්පති සි.ඩි වික්‍රමරත්නට ලබා දී තිබු සති තුනක සේවා දිගුව අවසන් වීමත් සමග ගන්නා ඉදිරි පියවර පිළිබඳ ප්‍රතිචාර දක්වමිනි.

මේ අතර නව පොලිස්පතිවරයෙකු පත්කිරිම සම්බන්ධයෙන් මෙතෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත නමක් එවා නැතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසා ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 09 වැනිදා රැස්වීමට නියමිතයි. වත්මන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්කට සේවා දිගු තුනක් ලබාදී තිබු අතර ,ඒ මාස 3 බැගින් අවස්ථා දෙකක් හා සති තුනක සේවා දිගුවක් ලෙසයි.

පසුගියදා තවත් සති 3 කින් ඔහුගේ සේවා කාලය දීර්ඝ කිරීමට ජනාධිපතිතුමා ව්‍යවස්ථා දායක සභාව වෙතින් ඉල්ලීමක් කර තිබුණි. එහිදි ව්‍යවස්ථා දායක සභාව ප්‍රකාශ කළේ, පොලිස්පතිවරයාට සේවා දිගු ලබා දීමට තම සභාවේ අවසරයක් අවශ්‍ය නොමැති බවයි.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us