අනාගත පරපුර බේරගන්න සමාජ බුද්ධි ඒකකයක් !

Published in පුවත්
Friday, 03 November 2023 10:38

දරුවන්ගේ ආරක්ෂාව හේතුවෙන් ජාතික බුද්ධි ඒකකය සමග ඒකාබද්ධව නව සමාජ බුද්ධි ඒකකයක් පිහිටුවා මේ වනවිට එහි කටයුතු ආරම්භ කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසා ඇත.

මෑත කාලයේ වාර්තා වූ අවාසනාවන්ත සිදුවීම් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙම ඒකකය පිහිටුවා ඇති බවයි අමාත්‍යවරයා පවසා තිබෙන්නේ.

මෙම ඒකකය හරහා පාසල් පද්ධතිය තුළ සිදුවන විවිධ වැරදි හැසිරීම් රටා මැඩපැවැත්වීමට හෝ සම්පූර්ණයෙන් නවතා දැමීමට අවැසි පියවර ගැනීම සදහා මෙම ඒකකය පිහිටුවා ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් වැඩිදුරටත් පවසා සිටියේ මෙම වසර තුළ ජාතික බුද්ධි ඒකකයත්, ජාතික ශිෂ්‍ය භට බළකායත් සමග එකතුව සමාජ බුද්ධි එකකයක් පිහිටුවීමට තීරණය කළ බවත් ඒ අනුව පාසල් තුළ සිදුවන අකටයුතුකම්, මත්ද්‍රව්‍ය උවදුර අවම කිරීම් සහ සම්පූර්ණයෙන් එවැනි ක්‍රියා නවතා දැමීමට මෙම බුද්ධි එකකය ඉවහල් කර ගැනීමට හැකි බවත්ය.

ඒ අනුව අනාගත පරපුරේ ආරක්ෂිත පියවරක් ලෙස මෙම සමාජ බුද්ධි ඒකකය පාසල්වල සහයෝගය ඇතිව පුළුල් කොට ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දී ඇත.

 

-RS

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us