ධාවනය ප්‍රවේශමෙන් ! හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බසී..

Published in පුවත්
Friday, 03 November 2023 13:02

පසුගිය දිනවල පැවැති අධික වර්ෂාව හේතුවෙන් හැටන් -කොළඹ ඒ 07 ප්‍රධාන මාර්ගයේ කොටසක් හදිසියේම ගිලාබැසීමකට ලක්වී ඇති බව වාර්තාවේ.

ගිනිගත්හේන ප්‍රදේශයට පසුගිය දින කිහිපය තුළ ඇදහැලුනු අධික වර්ෂාවත් සමග මෙලෙස ප්‍රධාන මාර්ගයේ කොටස ගිලාබැස ඇති බවයි ප්‍රදේශවාසින් පවසන්නේ. මේ හේතුවෙන් අදාළ ස්ථානයෙන් රථවාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමාකර ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසයි.

මේ අතර අද 03) උදෑසන 08 ට පමණ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන කෝවිල අසල ප්‍රධාන මාර්ගයේ ද කොටසක් මෙලෙස ගිලා බැසීමට ලක්ව ඇති බවත් වාර්තාවේ. මීට පෙර ද එම ස්ථානයේ මෙවැනි ගිලා බැසීම් සිදුව ඇති අතර අක්‍රමවත් ලෙස ඉදිකෙරුණු මෙම මාර්ග දෙස අවධානය ලබා දෙන ලෙස අදාළ බලධාරීන්ගෙන් ප්‍රදේශවාසීන් ඉල්ලා සිටියි.

කෙසේ වෙතත් පොලිසිය ජනතාවගෙන් සහ රියදුරන්‌ගෙන් ඉල්ලා සිටින්නේ ගමනාගමනයේ දී සැලකිලිමත් වෙන ලෙසයි.

 

-RS

Last modified on Friday, 03 November 2023 13:38

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us