ශීත ඍතුවත් සමග සංචාරකයින් රැගත් ප්‍රථම මංගල ගුවන් යානය මෙරටට !

Published in පුවත්
Friday, 03 November 2023 13:21

යුරෝපය පුරා එළඹෙමින් පවතින ශීත ඍතුවත් සමග පෝලන්තයේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයන් ගේ පැමිණීම ආරම්භ කරමින් , ප්‍රථම මංගල ගුවන් යානය අද (03) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

මෙසේ ශීත ඍතුව තුළ පෝලන්ත සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීම මෙවර සිදු වන්නේ 13 වැනි වරටය . කෙසේවෙතත් 86 දෙනෙකුගෙන් සමන්විත මෙම ගුවන් ගමනේදී පෝලන්ත ජාතික සංචාරකයන් අතර වැඩිපුර තරුණ පිරිසක් සිටීම විශේෂත්වයක් විය .

2023 වසරේ නොවැම්බර් මාසයේ සිට එළඹෙන 2024 මාර්තු මාසය දක්වා මේ ආකාරයට පෝලන්තයේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමට නියමිතය .

මෙම පෝලන්ත සංචාරකයන් අනුරාධපුරය , පොළොන්නරුව , සීගිරිය වැනි ඓතිහාසික ස්ථාන උණවටුන , ආරුගම් බේ මුහුදු තීර වල සහ ශ්‍රී ලංකාවේ වනෝද්‍යාන තුළ ද සංචාරය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ වසරේ පළමු මාස හත තුළ සංචාරකයන් 763,000ක් මෙරටට පැමිණ ඇති බවත් එමඟින් ඇමරිකානු ඩොලර් මිලියන 800ක පමණ අදායමක් ලබාගැනීමට හැකිවූ බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පසුගියදා පැවසුවාය.

එමෙන්ම රටේ ආර්ථිකය ගොඩඟීම සඳහා සංචාරක ක්ෂේත්‍රය ද උපරිම වශයෙන් දායකකර ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක වී ඇති බවත් තවදුරටත් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යංශය ලෙස නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බවත් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පසුගියදා සඳහන් කර තිබේ.

 

-P.M

p 1p2

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us