ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවමින් අතුරු කමිටුවක් !

Published in පුවත්
Monday, 06 November 2023 10:22

ශ්‍රී ලංකා ක්‍රකට් සඳහා අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ව්සින් නිවේදනයක් නිකුත් කරයි. ක්‍රීඩා පනතට අනුව අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරවයි මෙම පත්කිරීම සිදුකර ඇති බවයි සඳහන්වන්නේ.

7 දෙනෙකුගෙන් සමන්විත එම කමිටුවේ සභාපති ලෙස හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පත්ව ඇති අතර සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. අයි. ඉමාම්, රෝහිණී මාරසිංහ සහ විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු අයිරංගනී පෙරේරා යන අයද පත් කල බවට එම නිවේදනයේ සඳහන්ය.

මීට අමතරව අතුරු කමිටුවේ සාමාජිකයන් ලෙස උපාලි ධර්මදාස, රඛිත රාජපක්ෂ සහ හිෂාම් ජමාල්ඩින් යන අය පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කර ඇත.

ඒ සමගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන පරිපාලනයේ කටයුතු අත්හිටුවා ඇති බවත් එයට අදාළ ගැසට් නිවේදනය අද (06) දිනයේ නිකුත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.

කෙසේ වෙතත් පසුගිය 03 දා නිකුත් කල ලිපියේ ද සදහන් කොට තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තරග පරාජයන්හි වගකීම් තේරීම් කමිටුව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය භාරගත යුතු බව් අදාළ නිලධාරීන් තම ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවයි.

අද දින පටන් නව අතුරු කමිටුව විසින් අදාල ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතබව එම නිවේදනයේ සඳහන්ය.

කෙසේ වෙතත් මෙවන් පසුබිමක් තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට මහජන ක්‍රීකට් ලෝලීන්ගේ දැඩි විරෝධය එල්ල වෙමින් පවතින මොහොතක වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටවා අතුරු කමිටුවක් පත් කිරීම ගැන ඇත්තේ අස්වැසිල්ලකි..

 

-RS

Last modified on Monday, 06 November 2023 10:23

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us