හොදටම ඇති ! දැන් නවත්වන්න ! එක්සත් ජාතීන්ගේන් ඊශ්‍රායලයට දුර්ලභ ප්‍රකාශයක් !

Published in පුවත්
Monday, 06 November 2023 10:41

එක්සත් ජාතීන්ගේ සංවිධානවල සියලුම ප්‍රධානීන්, ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ඊශ්‍රායලයට දන්වා ඇත්තේ ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර වහා නවත්වා මානුෂීය සටන් විරාමකට යන ලෙසය.

එක්සත් ජාතීන්ගේ සංවිධානවල සියලුම ප්‍රධානීන්, මේ අයුරින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීම ඉතා දුර්ලභ සිද්ධියක් යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් ‘යුනිසෙෆ්’ සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය, ‘ලෝක ආහාර වැඩසටහන’ සංවිධානය පවා දිගින් දිගටම ඊශ්‍රායලයට පවසා ඇත්තේ ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර වහා නවත්වා මානුෂීය සටන් විරාමයකට යන ලෙසය.

‘දැන් ඇති. තවත් ප්‍රහාර ඕනෑ නෑ. ප්‍රහාරවලින් සිදුවන්නේ පලස්තීන වැසියන් වට කරමින් ඔවුන්ට පහර දෙනවා. පාසල් සහ රෝහල්වලට පහර දෙනවා. නිවාස සහ ගොඩනැගිලිවලට පහර දෙනවා. දේවස්ථානවලට, පල්ලිවලට පහර දෙනවා. බෝම්බ දමනවා. මේ කිසිවක් පිළිගත නොහැකියි’ යැයි ඒකාබද්ධ ප්‍රකාශයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us