සීනි බද්දේ තොරතුරු පිටට ගියේ කෙසේද ? ඇමති මනුෂ වහා පරීක්ෂණයක් ඉල්ලයි ! (Video)

Published in පුවත්
Tuesday, 07 November 2023 18:40

සීනි බද්ද වෙනස්වන බවට තොරතුරු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වීමටත් පෙරම ව්‍යාපාරිකයින් අතට පත්වූයේ කෙසේ දැයි යන්න අනිවාර්යෙන්ම පරීක්ෂණයක් පැවැත්විය යුතු බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසා ඇත.

බදු සංශෝධනය පිළිබඳ දැන සිටියේ රේගු නිලධාරීන් බවත් , කිසිවෙක් මේ පිළිබඳ තොරතුරු එළියට ලබා දුන්නේද යන්න පිළිබඳ සොයා බැලීම සදහා පරීක්ෂණයක් පැවැත් විය යුතු බවයි අමාත්‍යවරයා මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමින් පවසා සිටියේ.

එහිදී අමාත්‍යවරයා මෙසේද අදහස් දැක්වීය,

''සීනි වංචාව ගැන අපි එදා හඬ නැගුවා වගේම අදත් වංචාවක් වෙනවා නම් හඬ නගන්න කටයුතු කරනවා. අපි වංචාවක්, වැරැද්දක් වෙන තැනක කට වහගෙන ඉන්නේ නැහැ. මෙතනදී මොකක්ද වෙලා තියෙන්නේ කියන කාරණය අපි හොයලා බැලිය යුතුයි.

සීනි ලංකාවට ගොඩ බාන්න සූදානම් කරලා තියෙද්දී හෝ ගොඩ බෑවට පස්සේ බද්ද වැඩි කළාද කියන ප්‍රශ්නය තියෙනවා. ඒත් මෙතන තියෙන සෑබෑම ප්‍රශ්නය වෙන්නේ සීනි බදු වැඩි කරනවා කියන ආරංචිය ව්‍යාපාරිකයින්ට යන්නේ කොහොමද කියන කාරණයයි. මේ බද්ද වෙනස් වෙනවා කියන කාරණය කැබිනට් එක්ටවත් ඇවිල්ලා තිබුණේ නැහැ. මේක දන්නේ රේගුවේ අයයි. එතකොටම මේක කොහෙන්ද එළියට ගිහින් තියෙන්නේ ? අපි අයවැවෙන් පඩි වැඩිකරන් සූදානම් වෙනකෙට ඒ තොරතුරු එළියට යනවා. ඊට පස්සේ උද්ඝෝෂණ කරනවා පඩි වැඩි කරන්න කියලා.

ඒ වගේම බද්ද පනවන්න යනවා කියන කොටම ටක්ගාලා බඩු ටික ගේනවා. බද්දක් අඩුකරන්න සූදානම් වෙනකොට බඩු ටික හංගා ගන්නවා. එතකොට මේ සේරම තොරතුරු යන්නේ කොහෙන්ද ? මේවා කැබිනට් මණ්ඩලයෙන් නෙමෙයි එළියට යන්නේ.

මේ සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම පරීක්ෂණයක් කළයුතුයි. එහිදී මේ සීනි බදු වැඩි කිරීම ගැන කවුරු හරි දැනන් හටියාද? මේ තොරතුරු එළියට කිව්වාද ? කියන කාරණා ගැන අනිවාර්යෙන්ම පරීක්ෂණයක් කළයුතුයි.''

(මේ පිළිබදව අමාත්‍යවරයා දැක්වූ සම්පුර්ණ අදහස පහත වීඩියෝව තුළින් )

-P.M

 

Last modified on Tuesday, 07 November 2023 18:46

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us