ජාතික ඖෂධ අධිකාරියේ විධායක නිලධාරීවරයා ඉවතට !

Published in පුවත්
Wednesday, 08 November 2023 19:55

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කරනු ලැබ ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත සඳහන් කරන්නේ එම අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය ගත් තීරණයක් අනුව ඔහු මෙසේ ඉවත් කෙරුණු බවයි. කෙසේවෙතත් මෙම තීරණයෙන් අනතුරුව වෛද්‍ය විජිත් ගුණසේකර සෞඛ්‍ය අමාත්‍යාංශයට කැඳවූ බවද ලේකම්වරයා ප්‍රකාශ කළේය.

ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට ආනයනය සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ(NMRA) හිටපු සභාපතිවරයා ප්‍රධාන විධායක නිලධාරියා ඇතුළු පාර්ශවයට පසුගිය කාලයේදී චෝදනා එල්ල විය.

NMRA සභාපතිවරයා වෙනුවට වෛද්‍ ආනන්ද විජේවික්‍රම පසුගියදා පත් කළ අතර වෛද්‍ය විජිත් ගුණසේකර ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස දිගටම සේවයේ කටයුතු කර ඇත. නමුත් ඔහු විසින් NMRA හි සංවේදී ලිපි ලේඛන මාලාවක් ඉරා දැමු බවට චෝදනා එල්ලවිය. මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද ගොනුකර තිබුනේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us